නුවරඑළිය, ග්‍රෙගරි වැවේ ජෙට්ස්කී යාත්‍රාවක ජල ක්‍රීඩාවේ නිරතව සිටියදී එම යාත්‍රාව පෙරළීමෙන් දියේ ගිලීමේ අවදානමකට ලක්ව සිටි කුඩා දරුවන් දෙදෙනෙකු, නාවික හමුදා ක්ෂණික ප්‍රතිචාර සහ මුදාගැනීමේ ඒකකය මඟින් ඊයේ (16) නිරුපද්‍රිතව බේරාගෙන ඇතැයි නාවික හමුදාව සඳහන් කරනවා.
ග්‍රෙගරි වැවේ ජීවිතාරක්ෂක රාජකාරි සඳහා යොදවා සිටින නාවික හමුදා ක්ෂණික ප්‍රතිචාර සහ මුදාගැනීමේ ඒකකයේ නාවිකයන් විසින් මෙම අනතුර නිරීක්ෂණය කර තිබෙනවා.
ඒ අනුව, එම කණ්ඩායම කඩිනමින් අනතුර සිදුවූ ස්ථානය වෙත ළඟා වී දියේ ගිලීමේ අවදානමකට ලක්ව සිටි දරුවන් දෙදෙනා මුදා ගැනීමට සමත්ව තිබුණා.
මෙලෙස මුදාගනු ලැබ ඇත්තේ වයස අවුරුදු 11 සහ 13 අතර පසුවන මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචි දරුවන් දෙදෙනෙක්.
දරුවන් දෙදෙනා නිරුපද්‍රිතව මුදා ගැනීමෙන් අනතුරුව, වැඩිදුර නිතිමය කටයුතු සඳහා නුවරඑළිය පොලීසිය වෙත භාරදීමට නාවික හමුදා මුදාගැනීමේ කණ්ඩායම කටයුතු කර තිබෙනවා.
Latest News
දවස් 16 ට සංචාරකයින් 113,307ක් ඇවිත්
Local
18 August 2026
එක්සත් අරාබි එමීරයට මිසයිල ප්‍රහාර අවදානමක්: ආරක්ෂිතව රැඳී සිටින්නැයි ජනතාවට උපදෙස්
Local
18 August 2026
මුහුදු රළ ඉහළ යාමේ අවදානමක්: කාලගුණයෙන් නිවේදනයක්
Local
18 August 2026
හෝමාගම කුලී යතුරුපැදිකරු ඝාතනයේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට
Local
18 August 2026
22ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට අද දිනයේම පෙත්සම් 6ක්
Local
18 August 2026
2026 යල කන්නයේ වී මිලදී ගැනීමට සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්ට පොලී රහිත සහන ණය
Local
18 August 2026
ඇප කොන්දේසි සපුරාගත නොහැකි වූ ධීවර සංස්ථාවේ හිටපු සභාපති බන්ධනාගාරයට
Local
18 August 2026
මහනුවර පළමු කුඹල් පෙරහර ඇරඹේ - ඉන්දිරාජා අද පෙරහර කරඬුව වැඩමවයි
Local
18 August 2026
ශ්‍රී ලංකාව කඩුලු 6ක් ඇතැතිව ලකුණු 288ක් පසුපසින්
Local
18 August 2026
ඩෝරා අනතුරෙන් නාවිකයින් බේරාගත් පිරිසට නාවික හමුදා ප්‍රශංසාව
Local
18 August 2026