International18 August 2026

නවතම ජාත්‍යන්තර මත විමසුමෙන් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජනතා අනුමැතිය 33% දක්වා පහළට!

රොයිටර්-ඉප්සොස් (Reuters/Ipsos) විසින් පවත්වන ලද නවතම මත විමසුමකට අනුව, එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජනතා අනුමැතිය 33% දක්වා පහළ ගොස් ඇති බව අනාවරණය වී තිබෙනවා.

මෙම අගය ඔහුගේ වත්මන් ජනාධිපති ධුර කාලය තුළ වාර්තා වූ අඩුම ජනතා අනුමත ප්‍රතිශතය ලෙස දැක්වෙන අතර, මෑතකාලීන දේශපාලන හා ආර්ථික තත්ත්වයන් හේතුවෙන් මෙම වෙනස සිදුවී ඇති බවයි ජාත්‍යන්තර පුවත් වාර්තා පෙන්වා දෙන්නේ.

පවතින ප්‍රතිපත්ති සහ තීන්දු තීරණ හමුවේ ජනතා මතයේ යම් පෙරළියක් සිදුවී ඇති අතර, එය ඉදිරි දේශපාලන ගමනටද බලපෑම් ඇති කළ හැකි කරුණක් බව දේශපාලන විචාරකයෝ සඳහන් කරනවා.
Related recommendation
Hiru TV News | Programmes