මහනුවර ඓතිහාසික ඇසළ පෙරහරේ ප්‍රථම කුඹල් පෙරහර සඳහා විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කර ඇතැයි ශ්‍රී ලංකා පොලිසිය පවසනවා.
හෙටින් (18) ආරම්භ වන මහනුවර ඓතිහාසික ඇසළ පෙරහර ලබන අගෝස්තු 28 වන දින දක්වා වීදි සංචාරය කිරීමට නියමිතයි.
ඒ සඳහා ශ්‍රී ලංකා පොලිසිය විසින් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් සහ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කරනු ලබන අතර, ඒ සඳහා මාර්ග බාධක, ආරක්ෂක රාජකාරි, රථවාහන සහ පුද්ගලයින් පරීක්ෂා කිරීම, සංචාරකයින්ට මඟ පෙන්වීම සහ රථවාහන ගාල්කිරීම් ඇතුළු විශේෂ පිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ.
පෙරහර කාලසීමාව තුළ ක්‍රියාත්මක රථවාහන සැලැස්ම සහ විකල්ප රථවාහන මාර්ග පහත පරිදි වෙයි.
ප්‍රථම කුඹල් පෙරහැර ගමන් මාර්ගය
හෙට දින (18) ආරම්භ වන ප්‍රථම කුඹල් පෙරහර මාලිගාවෙන් ආරම්භ වී, දළඳා වීදිය, කොළඹ වීදිය, යටිනුවර වීදිය, රජ වීදිය ඔස්සේ ගමන් කර නැවත මාලිගාවට ගෙවිදීමට නියමිතව තිබෙනවා.
• පෙරහර ආරම්භය: පස්වරු 6.52 ට
• පෙරහර ගමන් මාර්ගයේ දුර: කිලෝමීටර් 01 යි මීටර් 650 ක්
පෙරහර කාලසීමාව තුළ මහනුවර නගරය තුළ ක්‍රියාත්මක වන රථවාහන සැලැස්ම සහ විකල්ප මාර්ග මෙසේයි:
• කටුගස්තොට දෙසින් මහනුවර නගරයට පැමිණෙන සියලුම බර වාහන මහයියාව හන්දියෙන් තිලක් රත්නායක මාවත ඔස්සේ පොලිසිය හන්දියෙන් මහනුවර නගරය වෙත ගමන් කළ හැක.
• කටුගස්තොට දෙසින් පැමිණෙන සැහැල්ලු වාහන ඩී.එස්. සේනානායක වීදිය ඔස්සේ පැමිණ හරස් වීදිය ඔස්සේ යටිනුවර වීදියට පැමිණ දකුණට හැරී මීරමක්කම් පල්ලිය අසලින් වමට ධාවනය කර තිලක් රත්නායක මාවත ඔස්සේ ගමන් කළ හැක.
• කටුගස්තොට දෙසට පිටවන වාහන පොලිසිය හන්දියෙන් තිලක් රත්නායක මාවත ඔස්සේ මහයියාව දෙසට ගමන් කළ හැක.
• තැන්නේකුඹුර සහ අම්පිටිය දෙසින් පැමිණෙන වාහන සංඝරාජ මාවත ඔස්සේ වේල්ස් පාර්ක් හන්දියට පැමිණ ඇහැලේපොළ කුමාරිහාමි මාවතෙන් දකුණට හැරී බෝම්බර, දුම්රියපොළ අසලින්ද, කොළඹ දෙසට ගමන් කරන වාහන වම් පසටද, නගරය දෙසට ගමන් කරන වාහන දකුණු පසටද ගමන් කළ හැක. එසේම රජපිහිල්ල මාවත හන්දියෙන් පල්ලිය පාර ඔස්සේ මහනුවර නගරයට ඇතුළු විය හැක.
• නගරයේ සිට අම්පිටිය, තෙල්දෙණිය මාර්ගයේ ගමන් කරන වාහන ඔරලෝසු කණුව වටරවුමෙන් දළදා වීදිය ඔස්සේ පැමිණ රැජිණ හෝටලයේ පැති දොරටුව අසලින් ජෝයි බෝට්ටු සේවය පසු කර සංඝරාජ මාවත ඔස්සේ ගමන් කළ හැක. තවද, බෝම්බර වට රවුමේ ඇහැලේපොළ කුමාරිහාමි මාවත, රජපිහිල්ල මාවත, වේල්ස් පාර්ක් හන්දිය හරහා සංඝරාජ මාවත ඔස්සේ අම්පිටිය සහ තැන්නේකුඹුර දෙසට ගමන් කළ හැක.
• කොළඹ දෙසින් මහනුවර නගරයට ඇතුළු වීමට සහ මහනුවර නගරයෙන් කොළඹ දෙසට පිටවීමට විලියම් ගොපල්ලව මාවත හා පරණ පේරාදෙණිය පාර දෙපසටම භාවිත කළ හැක.
Latest News
බෑගය හොරකම් කරලා පැනලා යන්න හදද්දී CCTV එකට මාට්ටු: පිටකොටුවේදී සැකකරුවෙකු කොටු වෙයි
Local
24 August 2026
කෝච්චි සීසන් පෞද්ගලික අංශයටත් ඔන්ලයින් ගන්න පුළුවන්
Local
24 August 2026
නව අමෙරිකානු තානාපති එරික් මයර් කොළඹට පැමිණෙයි
Local
24 August 2026
නව පුනර්ජනනීය බලශක්ති ගාස්තු සංශෝධන සාරාංශය එළිදක්වයි
Local
24 August 2026
''යුද සමයේ මැතිවරණ පැවැත්වීම රට බෙදී යාමට හේතුවක් විය හැකියි'' - යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කි
Local
24 August 2026
මිලියන 45ක බදු ගෙවීම පැහැර හැරියැයි ලංකා සළුසල ආයතනයේ සභාපතිට ඇප
Local
24 August 2026
ICCයෙන් ජයිස්වාල්ට සහ අසිතට තරග ගාස්තුවෙන් සියයට 25ක දඩයක්
Local
24 August 2026
''ආණ්ඩුව කෙරෙහි ජනතාව කළකිරීමකට ලක්වී තිබෙනවා'' - තිස්ස අත්තනායක
Local
24 August 2026
ව්‍යාජ SLS ප්‍රමිති ලාංඡනය යෙදූ පානීය ජල බෝතල් 8,500කට ආසන්න තොගයක් : පාරිභෝගික අධිකාරිය භාරයට
Local
24 August 2026
අයි.ඩී.එච්.සුද්දාට එරෙහි නඩුවක් ඔක්තෝබර් 5 වැනිදා යළි කැඳවයි
Local
24 August 2026