General18 August 2026

මහනුවර පළමු කුඹල් පෙරහැර අද

මහනුවර ඇසළ පෙරහරේ පළමු කුඹල් පෙරහර අද (18) රාත්‍රී 6.52ට යෙදෙන සුබ මොහොතින් වීථි සංචාරය කිරීමට නියමිතයි.

දළඳා වීදිය, කොළඹ වීදිය, යටිනුවර වීදිය, රජ වීදිය ඔස්සේ ගමන් කරන පෙරහර යළි දළදා මාලිගයට පිවිසීමට නියමිතයි.

එමෙන්ම මහනුවර ඇසළ පෙරහැර වෙනුවෙන් අද සිට විශේෂ රථවාහන සහ ආරක්ෂක සැලැස්මක් ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරි එෆ්.යූ. වුට්ලර් ප්‍රකාශ කළා.

ඒ අනුව මෙවර පෙරහරේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් ඇතුළු ආරක්ෂක අංශ සාමාජිකයින් 8,000කට ආසන්න සංඛ්‍යාවක් යොදවා ඇති බවයි කොළඹ ඊයේ (17) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ඔහු කියා සිටියේ.
Related recommendation
Hiru TV News | Programmes