කොලොම්බියාවේ සිදුවූ ප්‍රබල භූ කම්පනයෙන් හානි වූ පාසල් යළි ගොඩනැගීම සඳහා සුප්‍රසිද්ධ කොලොම්බියානු ගායිකා ෂකීරා අමෙරිකානු ඩොලර් මිලියන 1.25ක මුදලක් ලබාදීමට පොරොන්දු වී තිබෙනවා.
අගෝස්තු 10 වැනිදා බටහිර කොලොම්බියාවට බලපෑ රික්ටර් මාපක 7.4ක භූ කම්පනයෙන් පුද්ගලයන් සිය ගණනක් මියගිය අතර, චොකෝ පළාතේ පමණක් පාසල් 200කට ආසන්න සංඛ්‍යාවකට හානි සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.
භූ කම්පනයෙන් දැඩි බලපෑමට ලක්වූ ප්‍රදේශයක් වන චොකෝ පළාතේ අගනුවර වන ක්විබ්ඩෝ වෙත ෂකීරා ඊයේ (17) හදිසි සංචාරයක නිරත වී තිබෙනවා.
එහිදී ඇය හානි වූ පාසල් කිහිපයක් නිරීක්ෂණය කර ඇති අතර, සිසුන් සහ ගුරුවරුන් හමුවී ප්‍රදේශයේ අවශ්‍යතා පිළිබඳව බලධාරීන් සමග සාකච්ඡා කර ඇති බව සඳහන්.
ෂකීරා, Live Nation ආයතනය සමග එක්ව අමෙරිකානු ඩොලර් 500,000ක් ලබාදීමට නියමිත අතර, ජාත්‍යන්තර පාපන්දු සංගමයේ Global Citizen Education Fund වෙතින් තවත් ඩොලර් 500,000ක් සහ ලතින් අමෙරිකානු හා කැරිබියානු සංවර්ධන බැංකුව වන CAF වෙතින් ඩොලර් 250,000ක් ලබාදීමට නියමිත බවටයි වාර්තා වෙන්නේ.
මෙම මුදල් ෂකීරාගේ Fundación Pies Descalzos පදනම හරහා යොමු කර පාසල් යළි ගොඩනැගීම සහ දරුවන් නැවත අධ්‍යාපනයට යොමු කිරීම සඳහා භාවිත කිරීමට නියමිත බව සඳහන්.
මේ අතර, දානපති හොවාර්ඩ් බෆට් ද මෙම සංචාරයට එක්ව ඇති අතර, ඔහුගේ පදනම මගින් චොකෝ පළාතේ තවත් පාසල් 10ක් ප්‍රතිසංස්කරණය කිරීමට සහාය ලබාදෙන බව ප්‍රකාශ කර තිබෙනවා.
පාසල් නැවත ගොඩනැගීම හදිසි සහන කටයුතු අවසන් වූ පසුවද අඛණ්ඩව සිදුකළ යුතු බව ෂකීරා අවධාරණය කර තිබෙන විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
දරුවන් පාසල් නොයන සෑම දිනකම ඔවුන්ගේ අනාගතයෙන් දිනක් අහිමි වන බව පෙන්වා දී ඇති ඇය, තම පදනම හරහා චොකෝ ප්‍රදේශයේ අධ්‍යාපන කටයුතු සඳහා වසර 20කට වැඩි කාලයක් තිස්සේ සහාය ලබාදෙන බවද සඳහන් කර තිබෙනවා.
එමෙන්ම, චොකෝ පළාතේ තාක්ෂණික විශ්වවිද්‍යාලයක් යළි ගොඩනැගීම සඳහාද තම පෞද්ගලික උත්සාහය යොමු කිරීමට බලාපොරොත්තු වන බව ෂකීරා ප්‍රකාශ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

Latest News
Asia Rugby Men’s Sevens Series: ශ්‍රී ලංකාව පරදා දකුණු කොරියාවට ජය
Local
29 August 2026
අමෙරිකානු විශ්වවිද්‍යාලවල ප්රමුඛ පර්යේෂකයන් රැසක් කැනඩාවට
Local
29 August 2026
නේපාලයේ ගංවතුරින් මියගිය සංඛ්‍යාව 626 දක්වා ඉහළට
Local
29 August 2026
රොටි, පරාටා ඇතුළු පිටි ආශ්රිත ආහාර මිල රුපියල් 5කින් ඉහළට
Local
29 August 2026
Asia Rugby Women’s Sevens Series: ශ්‍රී ලංකාව පරදා තායිලන්තයට ජය
Local
29 August 2026
වියළි කාලගුණයෙන් පොල් පලදාවට බලපෑම්
Local
29 August 2026
තිරිඟු පිටි කිලෝවක් රුපියල් 17කින් ඉහළට
Local
29 August 2026
දිස්ත්‍රික්ක 10ක් අදත් උණුසුම්
Local
29 August 2026
ගෝනපොලදී පැණි බීම කන්ටේනර් රථයක් මාර්ගයේ පෙරළෙයි
Local
29 August 2026
Asia Rugby Men’s Sevens Series: කසකස්තානය පරදා ශ්‍රී ලංකාවට ජය
Local
29 August 2026