General18 August 2026

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කරන්න නව පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට

 1979 අංක 48 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) පනතේ පවතින අඩුපාඩු ආවරණය වන පරිදි සකස් කරන ලද 'ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ' නව පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

මෙම නව නීතිය සඳහා වන මූලික කෙටුම්පත තාක්ෂණික විශේෂඥ කමිටුවක් මගින් සකස් කර ඇති අතර, 2026-08-10 දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ඊට ප්‍රතිපත්තිමය අනුමැතිය ලබා දී තිබුණා.

ඊට අනුකූලව නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරන ලද පනත් කෙටුම්පත සඳහා නීතිපති අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ අනුව, එම පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.
Related recommendation
Hiru TV News | Programmes