General18 August 2026

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ජී.එල්. පීරිස් ශ්‍රේෂ්ඨාධිකරණයට

"ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වැනි සංශෝධනය" නමැති පනත් කෙටුම්පත හෝ එහි යම් ප්‍රතිපාදනයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිද යන්න තීරණය කරන ලෙස ඉල්ලමින් හිටපු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කර තිබෙනවා.

අද (18) වැනිදා ගොනු කර ඇති මෙම පෙත්සම මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 120 ව්‍යවස්ථාව සමඟ කියවිය යුතු 121 ව්‍යවස්ථාව ප්‍රකාරව ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය අයැද සිටිනවා.

මෙහි වගඋත්තරකරු ලෙස නීතිපතිවරයා නම් කර ඇති අතර, පෙත්සම්කාර මහාචාර්ය ජී.එල්. පීරිස් වෙනුවෙන් නීතිඥවරුන් වන නලින් මාරියෝ අල්විස්, දිනූෂා ෂමිලා ප්‍රේමතිලක සහ ඉසුරු සමීර ජයසූරිය යන අය පෙනී සිටිනවා.
Related recommendation
Hiru TV News | Programmes