General20 August 2026

ඩෙංගු මරණ 71ක් වෙයි

මෙරටින් වාර්තා වන ඩෙංගු මරණ සංඛ්‍යාව 71ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එමෙන්ම වසරේ මේ දක්වා සමස්ත ඩෙංගු රෝගීන් 93,115 දෙනෙකු හඳුනාගෙන ඇති බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළේ.

අගෝස්තු මාසයේ ගත වූ දින 20 තුළ පමණක් වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 7,777ක්.

ගම්පහ දිස්ත්‍රික්කයෙන් තවදුරටත් ඩෙංගු රෝගීන් වැඩි වශයෙන් වාර්තා වන අතර එම සංඛ්‍යව දැක්වුණේ 19,825 ක් ලෙසයි.
Related recommendation
Hiru TV News | Programmes