දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා අද (18) නියෝග කළා.
මීට අමතරව, සැකකරුගේ විදෙස් ගමන් තහනම් කිරීමේ නියෝගයක්ද අධිකරණය විසින් පැණවූවා.
අල්ලස් කොමිසම විසින් ඉදිරිපත් කරන ලද කරුණු සැලකිල්ලට ගනිමින් අධිකරණය, මෙම ඇප නියෝගය ලබා දුන්නා.
රටේ වැදගත් පුරාවස්තුවක් වන සඳගල පුරාවස්තුව සොරකම් කිරීමේ සිද්ධියට අදාලව පැවැත්වෙන විමර්ශනයක් සම්බන්ධයෙන් මෙම සැකකරු අත්අඩංගුවට ගත් බව විමර්ශන නිලධාරීන් අධිකරණයට දන්වා සිටියා.
මෙම නඩුවේ දෙවන සැකකරු ලෙස නම් කර ඇති හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහිව අල්ලස් කොමිසම අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළේ, කුණ්ඩසාලේ උඩමළුව පුරා විද්‍යා භූමියෙහි පිහිටි මහනුවර රාජධානියට අයත් සිංහල රාජවංශයේ අවසන් රජු වන ශ්‍රී වීරපරාක්රම නරේන්ද්‍රසිංහ රජතුමාගේ මාලිගයේ පිවිසුම් පියගැටපෙළ අඩංගු ඓතිහාසික පුරාවස්තු වටිනාකමකින් යුතු සඳගල නම් පුරාවස්තුව සොරකම් කිරීමට අදාළව සිදු කරන ලද විමර්ශනය නිසි පරිදි සිදු නොකිරීමට බලපෑම් කිරීම තුළින් දූෂණය නැමති වරද සිදු කිරීම, ඊට ආධාර අනුබල දීම සහ කුමන්ත්‍රණය යන වැරදි සිදු කර ඇති බවයි.
Latest News
ගාල්ල සහ මාතරට යන්න මාකුඹුරට මහ සෙනඟක්
Local
25 August 2026
අතුරුදන් වූවන්ගේ පවුල්වලට සහන දීමට අධිකරණ ඇමති ගෙදරටම
Local
25 August 2026
ලැගුම්හලක අබිරහස් අයුරින් මියගොස් සිටි පුද්ගලයෙකුගේ සිරුරක් හමුවෙයි
Local
25 August 2026
ඉදිරි පැය 36දී ප්‍රදේශ කිහිපයකට තද වැසි
Local
25 August 2026
කල්පිටිය ජනසවිපුර වෙරළින් මුහුදු ගිය 56 හැවිරිදි පුද්ගලයෙක් ගිලී මරුට
Local
25 August 2026
දිස්ත්‍රික් මට්ටමින් පුනරුත්ථාපන මධ්‍යස්ථාන
Local
25 August 2026
ඉන්දියාවට එරෙහි 2 වැනි ටෙස්ට් තරගය: තෙවැනි දිනට තරගය නිමවෙද්දී ශ්‍රී ලංකාව කඩුලු 8ට 265යි
Local
25 August 2026
ජනාධිපතිවරණ සමයේ හිටපු ජනපති මෛත්රීපාලගේ වැලිකන්ද මැතිවරණ කාර්යාලයට ප්‍රහාරයක් එල්ල කිරීමේ නඩුවෙන් විත්තිකරුවන් 6 ක් නිදොස් කොට නිදහස්
Local
25 August 2026
දැඩි උණුසුමෙන් දරුවන් ආරක්ෂා කරගන්නැයි සෞඛ්‍ය අංශවලින් උපදෙස්
Local
25 August 2026
ජාතික රෝහලේ හෘද සැත්කම් පොරොත්තු ලේඛන කඩිනමින් අවසන් කිරීමට සැලසුමක්
Local
25 August 2026