General18 August 2026

"ශිරාන් බාසික්"ට අවශ්‍ය ආරක්ෂාව සලසන්න - අධිකරණයෙන් පොලිසියට නියෝගයක

මත්ද්‍රව්‍ය ජාවාරම් ජාලයට සම්බන්ධ වූ බවට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ප්‍රකාරව කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ රඳවා ප්‍රශ්න කරන "ශිරාන් බාසික්" නමැත්තාට අවශ්‍ය ආරක්ෂාව සලසන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම අද (18) නියෝග කළා.

නරාහෙන්පිට පොලිසියට ආසන්න කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ රඳවා ප්‍රශ්න කරන සැකකරුට නිසි ආරක්ෂාවක් නොමැති බවට ඔහුගේ නීතිඥ වසන්ත පිටිගල කළ කරුණු දැක්වීමෙන් පසුව අධිකරණයෙන් මෙම නියෝගය නිකුත් කෙරුණා.

‍නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නේ තම සේවාදායකයා සෑම උදෑසනකම නාරාහේන් පිට පොලිසියේ සිට මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වෙත පොලිසිය විසින් පයින් රැගෙන යන බවයි.

මේ අනුව ඔහුගේ ජීවිතයට තර්ජනයක් එල්ල විය හැකි බව නීතිඥවරයා මෙහිදී පෙන්වා දුන්නා. ඒ හේතුවෙන් ඔහුගේ ආරක්ෂාව සලසා දෙන ලෙසට පොලිසියට නියෝගයක් නිකුත් කරන්නැයි නිතීඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා.

කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකරුට නිසි ආරක්ෂාව සලසන ලෙසට නාරාහේන්පිට පොලිසියට සහ මධ්‍යම අපරාධ වර්ෂන කාර්යාංශයේ අධ්‍යක්ෂකවරයාට නියෝග කළා.
Related recommendation
Hiru TV News | Programmes