මත්ද්‍රව්‍ය ජාවාරම් ජාලයට සම්බන්ධ වූ බවට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ප්‍රකාරව කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ රඳවා ප්‍රශ්න කරන "ශිරාන් බාසික්" නමැත්තාට අවශ්‍ය ආරක්ෂාව සලසන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම අද (18) නියෝග කළා.
නරාහෙන්පිට පොලිසියට ආසන්න කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ රඳවා ප්‍රශ්න කරන සැකකරුට නිසි ආරක්ෂාවක් නොමැති බවට ඔහුගේ නීතිඥ වසන්ත පිටිගල කළ කරුණු දැක්වීමෙන් පසුව අධිකරණයෙන් මෙම නියෝගය නිකුත් කෙරුණා.
නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නේ තම සේවාදායකයා සෑම උදෑසනකම නාරාහේන් පිට පොලිසියේ සිට මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වෙත පොලිසිය විසින් පයින් රැගෙන යන බවයි.
මේ අනුව ඔහුගේ ජීවිතයට තර්ජනයක් එල්ල විය හැකි බව නීතිඥවරයා මෙහිදී පෙන්වා දුන්නා. ඒ හේතුවෙන් ඔහුගේ ආරක්ෂාව සලසා දෙන ලෙසට පොලිසියට නියෝගයක් නිකුත් කරන්නැයි නිතීඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා.
කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකරුට නිසි ආරක්ෂාව සලසන ලෙසට නාරාහේන්පිට පොලිසියට සහ මධ්‍යම අපරාධ වර්ෂන කාර්යාංශයේ අධ්‍යක්ෂකවරයාට නියෝග කළා.
Latest News
හෙටත් දිස්ත්‍රික්ක 10ක මිනිස් සිරුරට දැනෙන උණුසුමක්
Local
20 August 2026
ශ්‍රී ලංකා ක්‍රිකට් පිල ඔක්තෝම්බරයේ පාකිස්ථාන සංචාරයක
Local
20 August 2026
ශෂී වීරවංශ, පෙර ඇප මත මුදාහරින්නැයි අධිකරණයෙන් නියෝග
Local
20 August 2026
වවුනියාවේ ලැව් ගින්නක් ගුවන් හමුදාවේ මැදිහත් වීමෙන් පාලනය කෙරේ
Local
20 August 2026
කොළඹ කොටස් වෙළඳපොළ ASPI දර්ශකය ඒකක 10.95කින් පහළට
Local
20 August 2026
5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම අද සිට
Local
20 August 2026
ඩෙංගු මරණ 71ක් වෙයි
Local
20 August 2026
මැගසින් බන්ධනාගාරයට යැවීමට සැලසුම් කළ දුරකතන බැටරි 30 ක් සහ මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට
Local
20 August 2026
විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීමට පෙර මහජන සහ පාර්ශ්වකරුවන්ගේ අදහස් විමසන්න: කතෝලික රදගුරු සමුළුව රජයට කියයි
Local
20 August 2026
ඩොලරයේ විකුණුම් මිල අද රු. 335.00
Local
20 August 2026