General18 August 2026

පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියෝ අපවත් වෙති

ප්‍රවීණ ගී පද රචකයකු, ගත්කතුවරයකු මෙන්ම බෞද්ධ සාහිත්‍යයට අසමසම මෙහෙවරක් ඉටුකළ පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියන් අපවත් වී තිබෙනවා.

'ලා දළු බෝපත්', 'සෙනෙහස පුදා', 'සඳ තරු මල්', 'සංසාරේ අපි' ඇතුළු බෞද්ධ ආගමික, සමාජීය සහ සංවේදී තේමා රැසක් ඔස්සේ අර්ථපූර්ණ ගීත විශාල සංඛ්‍යාවක් පද රචනය කරමින් උන්වහන්සේ දේශීය සුගන්ධවත් ගීත කලාව පෝෂණය කිරීමට විශාල දායකත්වයක් ලබා දුන්නා.

ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීයි උන්වසහන්සේ අපවත් වුණේ.

අපවත්වෙන විට උන්වහන්සේගේ වයස අවුරුදු 76ක්.
Related recommendation
Hiru TV News | Programmes