International19 August 2026

ට්‍රම්ප්, කැනඩාවට නව තීරු බදු පැනවීම කල් දමයි

කැනඩාව සඳහා නව තීරුබදු පැනවීම දින තුනකින් කල් දමන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබෙනවා.

සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබමින් ඔහු සඳහන් කළේ, දෙරට අතර ලියකියවිලි අවසන් කිරීමට යටත්ව ගිවිසුමකට එළඹීම හේතුවෙන්, මෙලෙස නව තීරු බදු පැනවීම කල් දැමූ බවයි.

කැනඩාව සඳහා හෙට සිට සියයට 50ක නව බද්දක් පනවන බව ඇමරිකානු ජනාධිපතිවරයා පසුගියදා ප්‍රකාශ කළේ, කැනඩා ප්‍රාන්ත විසින් ඇමරිකානු මත්පැන් අලෙවිය තහනම් කිරීම ඇතුළු කරුණු කිහිපයක් මුල් කරගනිමින්.
Related recommendation
Hiru TV News | Programmes