General20 August 2026

"දුෂ්කරම සමයක යුග මෙහෙවර සදානුස්මරණීයයි" - නන්දා මාලනියගේ අභාවය ගැන ජනපතිගෙන් සටහනක්

අභාවප්‍රාප්ත වූ ප්‍රවීණ ගායිකා, ආචාර්ය නන්දා මාලනියගේ අභාවය වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක සිය නිල ෆේස්බුක් ගිණුම හරහා ශෝක සටහනක් තබා තිබෙනවා.

එහිදී ඇයගේ යුග මෙහෙවර සිහිපත් කරමින් ජනාධිපතිවරයා පවසා ඇත්තේ, දුෂ්කරම සමයන්හිදී ඇය ඉටුකළ මෙහෙය සදානුස්මරණීය වන බවයි.

ජනාධිපතිවරයා තැබූ සටහන මෙසේයි,

වේලාසනින් අවදිව
දේශය අවදි කිරීමේලා
උස්ව හැඬවුණු
ඔබේ හඬ
ජනහද සමඟ ගැහුණු
ඔබේ ස්වර
දුෂ්කරම සමයක
යුග මෙහෙවර
සදානුස්මරණීයයි!

දශක ගණනාවක් පුරා හෙළ ගීත කෙත පෝෂණය කළ ජාතියේ යශෝරාවය, ආචාර්ය නන්දා මාලනිය අද (20) පස්වරුවේ අභාවප්‍රාප්ත වූ අතර, ඇයගේ දේහය සම්බන්ධයෙන් වන අවසන් කටයුතු ඉතා චාම් අයුරින් එළඹෙන 22 වැනි සෙනසුරාදා බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතයි.
Related recommendation
Hiru TV News | Programmes