General20 August 2026

වවුනියාවේ ලැව් ගින්නක් ගුවන් හමුදාවේ මැදිහත් වීමෙන් පාලනය කෙරේ

වවුනියාව - පුරවසම්කුලම ප්‍රදේශයේ හදිසියේ හටගත් ලැව් ගින්නක් සාර්ථකව පාලනය කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සමත් වී තිබෙනවා.

පුරවසම්කුලම පොලිසියෙන් ලැබුණු දැනුම්දීමකට අනුව, ගින්න ශීඝ්‍රයෙන් පැතිර යාමත් සමඟ ක්ෂණිකව ක්‍රියාත්මක වූ ගුවන් හමුදාවේ ගිනි නිවීමේ හා ගලවා ගැනීමේ කණ්ඩායම එම ප්‍රදේශයට ළඟා වී ගින්න පාලනය කිරීමට අවශ්‍ය පියවර ගෙන තිබුණා.

ඒ හේතුවෙන්, ආසන්නයේ පිහිටි වන රක්ෂිතයට මෙන්ම වවුනියාව විශ්වවිද්‍යාල පරිශ්‍රයට සිදුවීමට තිබූ දැඩි හානිය අවම කර ගැනීමට වූ බවයි ගුවන් හමුදාව සඳහන් කළේ.
Related recommendation
Hiru TV News | Programmes