General21 August 2026

පැනයාමේ සැකයක් මත පල්ලෙකැලේ රැඳවියන් 6ක් වැලිකඩට සහ අඟුණකොළපැලැස්සට

පල්ලේකැලේ දුම්බර බන්ධනාගාරයේ වැසිකිළියක කම්බි කූරු කපා පළායෑමට උත්සාහ කළ බවට ඇති වූ සැකය මත, එහි රඳවා සිටි මරණ දණ්ඩනය නියම වූ රැඳවියන් හයදෙනෙකු වැලිකඩ සහ අඟුණකොළපැලැස්ස බන්ධනාගාර වෙත මාරු කර යවා තිබෙනවා.

මෙහිදී, මරණ දණ්ඩනය නියම වූ පුද්ගලයින් රඳවා සිටින කාමරයට අයත් වැසිකිළියේ කම්බි කූරු කිහිපයක් කපා තිබෙනු නිරීක්ෂණය වීමෙන් පසුව බන්ධනාගාර නිලධාරීන් විසින් මේ පිළිබඳව විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙන අතර, එම විමර්ශනයේදී මෙම කම්බි කූරු කැපීමේ සිදුවීමට අදාළ රැඳවියන් හයදෙනා සම්බන්ධ බවට හඳුනාගෙන ගැනීමට සමත්ව තිබෙනවා.

ඒ අනුව, අදාළ සිද්ධියට සම්බන්ධ රැඳවියන් හයදෙනා අතුරින් සිව්දෙනෙකු වැලිකඩ බන්ධනාගාරයටත්, ඉතිරි දෙදෙනා අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයටත් මාරු කර යැවීමට බන්ධනාගාර බලධාරීන් පියවර ගෙන ගෙන ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
Related recommendation
Hiru TV News | Programmes