General21 August 2026

රඹුකන සිද්ධාර්ථ හිමියන්ගේ ආදාහන පූජෝත්සවය අද පස්වරුවේ

අපවත් වී වදාළ පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමිපාණන්ගේ දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය අද (21) පස්වරුවේ රාජ්‍ය අනුග්‍රහයෙන් දෙහිවල - සරණංකර ක්‍රීඩංගණයේ දී සිදුකිරීමට නියමිත ව තිබෙනවා.

උන්වහන්සේගේ ශ්‍රී දේහය මේ වන විට වැල්ලවත්ත ශ්‍රී සුදර්මාරාම විහාරස්ථානයේ තැන්පත් කර තිබෙනවා.

සම්බුද්ධ ශාසනයටත් බෞද්ධ සාහිත්‍යයටත් විශිෂ්ට මෙහෙවරක් කළ රඹුකන සිද්ධාර්ථ හිමිපාණන්ට දේශපාලකයින්, කලාකරුවන් ඇතුළු විශාල පිරිසක් ඊයේ (20) දිනයේදීත් අවසන් ගෞරව දක්වනු ලැබුවා.
Related recommendation
Hiru TV News | Programmes