General21 August 2026

ඉඟුරු අල කුණු වීමේ රෝගය ගැන දැනුම් දීමක්

පවතින අයහපත් කාළගුණ තත්වය හමුවේ පැතිර යන ඉඟුරු අල කුණු වීමේ රෝගය පිලිබදව අවදානය යොමු කරන ලෙස අපනයන කෘෂි කර්ම දෙපාර්තමේන්තුව වගා කරුවන්ට දැනුම් දෙනවා.

මේ වන විට වාණිජ භෝගයක් වන ඉඟුරු, කුරුණෑගල, මහනුවර, මාතලේ, අම්පාර ඇතුලු ප්‍රදේශ ගණනාවක හෙක්ටයාර 2000කට අධික ප්‍රමාණයක් වගා කර ඇති බවයි එහි අධ්‍යක්ෂ ජනරාල් දමයන්ති සමරසිංහ කියා සිටියේ.

දැනටමත් රෝගය වැළදී ඇත්නම් එවැනි පඳුරු පුලුස්සා විනාශ කරන ලෙස ඇය වගා කරුවන්ට දැනුම් දෙනවා.
Related recommendation
Hiru TV News | Programmes