ශ්‍රී ලංකාව සහ ඕමාන රාජධානිය අතර ආයෝජන සහ වෙළඳ සබඳතා තවදුරටත් පුළුල් කරගැනීමේ අරමුණින්, ඕමාන රජයේ ඉහළ පෙළේ දූත පිරිසක් කොළඹ වරාය නගරය (Port City Colombo) වෙත පැමිණ තිබෙනවා.
ඕමාන වාණිජ, කර්මාන්ත හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශයේ විදේශ වෙළඳ සහ ජාත්‍යන්තර සහයෝගීතා උපදේශක පන්කජ් කිම්ජි (Pankaj Khimji)ගේ ප්‍රධානත්වයෙන් යුතුව මෙම දූත පිරිස පැමිණි අතර, ශ්‍රී ලංකාවේ ඕමාන තානාපති අහමඩ් අල් රෂ්ඩි (Ahmed Al Rashdi) ඇතුළු පිරිසක් ද මීට එක්ව තිබෙනවා.
මීට පෙර කොළඹ වරාය නගර කොමිෂන් සභාවේ නියෝජිතයන් ඕමානයේ මස්කට් නුවර සංචාරය කරමින් සිදු කළ සාකච්ඡාවල අඛණ්ඩ පැමිණීමක් ලෙස මෙම ප්රතිප්රදාන සංචාරය (reciprocal engagement) සැලකෙනවා.
මෙම සංචාරයේදී දෙරටේ විශේෂ ආර්ථික කලාප (Special Economic Zones) අතර ආයෝජන සහයෝගීතාව වර්ධනය කරගැනීම, ඕමාන - දකුණු ආසියා ආයෝජන සහ වෙළඳ කොරිඩෝව (Oman–South Asia Investment and Trade Corridor) ස්ථාපිත කිරීම මෙන්ම ඕමාන සමාගම් වරාය නගරය තුළ ලියාපදිංචි කිරීමේ ක්‍රමවේද පිළිබඳව පුළුල් සාකච්ඡා පවත්වා තිබෙනවා.
වරාය නගරයේ නියාමන රාමුව යටතේ සියලුම ආයෝජකයින්ට සාධාරණ සහ විනිවිදභාවයකින් යුත් පරිසරයක් සපයන බව කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල් රුවන් වික්‍රමසූරිය මෙහිදී අවධාරණය කර සිටියා.
ඕමානය හුදෙක් වෙළඳපළක් ලෙස නොව දකුණු ආසියාවට පිවිසෙන දොරටුවක් ලෙස වරාය නගරය භාවිත කරන ලෙසත්, ශ්‍රී ලංකාව මැදපෙරදිග කලාපය සමඟ සම්බන්ධ වන ප්‍රධාන පාලමක් ලෙස මෙම ආයෝජන කොරිඩෝව ගොඩනඟා ගැනීමට එක්වන ලෙසත් ඕමාන උපදේශක පන්කජ් කිම්ජි ආරාධනා කර සිටියා.
වරාය නගරය තුළ සමාගම් 175කට අධික සංඛ්‍යාවක් ලියාපදිංචි වී ඇති පසුබිමක, මෙම නව ඕමාන සබඳතාව හරහා ගල්ෆ් කලාපයෙන් තවත් දැවැන්ත ආයෝජන රැසක් ශ්‍රී ලංකාවට ආකර්ෂණය කර ගැනීමට අපේක්ෂා කෙරෙනවා.

Latest News
නව පුනර්ජනනීය බලශක්ති ගාස්තු සංශෝධන සාරාංශය එළිදක්වයි
Local
24 August 2026
''යුද සමයේ මැතිවරණ පැවැත්වීම රට බෙදී යාමට හේතුවක් විය හැකියි'' - යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කි
Local
24 August 2026
මිලියන 45ක බදු ගෙවීම පැහැර හැරියැයි ලංකා සළුසල ආයතනයේ සභාපතිට ඇප
Local
24 August 2026
ICCයෙන් ජයිස්වාල්ට සහ අසිතට තරග ගාස්තුවෙන් සියයට 25ක දඩයක්
Local
24 August 2026
''ආණ්ඩුව කෙරෙහි ජනතාව කළකිරීමකට ලක්වී තිබෙනවා'' - තිස්ස අත්තනායක
Local
24 August 2026
ව්‍යාජ SLS ප්‍රමිති ලාංඡනය යෙදූ පානීය ජල බෝතල් 8,500කට ආසන්න තොගයක් : පාරිභෝගික අධිකාරිය භාරයට
Local
24 August 2026
අයි.ඩී.එච්.සුද්දාට එරෙහි නඩුවක් ඔක්තෝබර් 5 වැනිදා යළි කැඳවයි
Local
24 August 2026
යූකැලිප්ටිස් ගසක අතු කපමින් සිටියදී බිමට වැටුණු අයෙක් මරුට
Local
24 August 2026
22ට එරෙහිව ශ්‍රී ලංකා නීතිඥ සංගමයෙන් පෙත්සමක් - ජනමත විචාරණයක් සහ පූර්ණ විනිසුරු මඬුල්ලක විමසුමක් ඉල්ලයි
Local
24 August 2026
2026 වසරේ මුල් භාගයේදී ශ්‍රී ලංකාව ඉන්ධන ආනයනය සඳහා ඩොලර් මිලියන 3,168ක් වියදම් කරලා - අගමැති හෙළිකරයි
Local
24 August 2026