General22 August 2026

ඩෙල්ෆ්ට් දූපතේ පෝනි අශ්වයන්ට නාවික හමුදාවෙන් පානීය ජලය

අධික වියළි කාලගුණික තත්ත්වය හමුවේ පීඩාවට පත් යාපනය, ඩෙල්ෆ්ට් දූපතේ සිටින දෙස් විදෙස් සංචාරකයන්ගේ නොමඳ ආකර්ශනය දිනාගත් පෝනි අශ්වයන් වෙත පානීය ජලය සැපයීම ඊයේ (21) උතුරු නාවික විධානය මගින් ආරම්භ කර තිබෙනවා.

උතුරු පළාතේ පවත්නා අධික වියළි කාලගුණික තත්ත්වය හමුවේ ජල මූලාශ්‍ර සිඳී යාමෙන් යාපනය දිස්ත්‍රීක්කයේ ඩෙල්ෆ්ට් දූපත ආශ්‍රිත පරිසරයේ වෙසෙන පෝනි අශ්වයන් ඇතුළු වන සතුන් පානීය ජල හිඟයෙන් විශාල පීඩාවකට පත්ව තිබුණා.

ඒ අනුව, උතුරු නාවික විධානයේ ආඥාපතිගේ අධීක්‍ෂණයෙන්, ශ්‍රී ලංකා නාවික නෞකා 'වසභ' ආයතනය මගින් ආරම්භ කෙරුණු මෙම වැඩසටහන යටතේ, එම දූපතේ බටහිර කොටසේ වෙල්ලායි ප්‍රදේශයේ වෙසෙන පෝනි අශ්ව ගහනය වෙනුවෙන් මෙලෙස පානීය ජලය සැපයීම ආරම්භ කර තිබෙනවා.

තවද, යාපනය දිස්ත්‍රික්කයේ ජනතාවගේ පිරිසිදු පානීය ජල අවශ්‍යතාවය සපුරාදීම වෙනුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් දූපත් ආවරණය වන පරිදි ස්ථාපනය කර ඇති ප්‍රජා ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු මධ්‍යස්ථාන වෙතින් දෛනිකව ජනතාව වෙත පිරිසිදු පානීය ජලය සැපයීම නාවික හමුදාව මගින් අඛණ්ඩව සිදුකරනු ලබනවා.
Related recommendation
Hiru TV News | Programmes