General22 August 2026

මයියාව රක්ෂිතයේ හටගත් ගින්න පාලනය කෙරේ

මදුරන්කුලිය, ආනවිළුන්දාව - මයියාව වැව රක්ෂිතයේ හටගෙන තිබූ හදිසි ගින්න මේ වනවිට පාලනය කර තිබෙනවා.

ගුවන් හමුදා මාධ්‍ය ඒකකය සඳහන් කළේ, ගින්න මැඩපැවැත්වීම සඳහා ඊයේ (21) බෙල් 412 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් ද භාවිත කළ බවයි.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අමතරව ගින්න මැඩපැවැත්වීම සඳහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් මෙන්ම ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිලධාරින් සහ ප්‍රදේශවාසීන් එක්ව තිබුණා.
Related recommendation
Hiru TV News | Programmes