පාකිස්ථානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන් බන්ධනාගාරය තුළ දැඩි වධහිංසාවලට ලක්වන බවට ඔහුගේ සහෝදරිය චෝදනා කරනවා.
අධිකරණ නියෝගයකට අනුව සිදුකළ වෛද්‍ය පරීක්ෂණයකින් පසු ඔහු යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවට වෛද්‍යවරුන් ප්‍රකාශ කිරීමත් සමග, සිකුරාදා දිනයේදී ඔහුව නැවතත් බන්ධනාගාරය වෙත යොමු කළ බව එරට රජය පවසන්නේ.
"ඔහු තමාට වධහිංසා පමුණුවන බව මට පැවසුවා. ඔහුගේ එක් ඇසක් රෙදි පටියකින් බැඳ තිබුණා. තමන්ට දිගින් දිගටම වධහිංසා පමුණුවන බව ඔහු නැවත නැවතත් ප්‍රකාශ කළා," යනුවෙන් ඉම්රාන් ඛාන්ගේ සහෝදරිය වන දොස්තර උස්මා ඛාන් පැවසුවා.
"තමන්ට සිදු වන අසාධාරණය ගැන පිටත සිටින ජනතාව දැනුවත් කරන ලෙසත්, බලධාරීන් තමන්ට සවන් නොදෙන බවත්, ඔවුන් මිනිසුන් නොවන බවත් පවසන ලෙස ඔහු මගෙන් ඉල්ලා සිටියා." යනුවෙන් ද ඇය පවසා තිබෙනවා.
ඉම්රාන් ඛාන්ගේ මාධ්‍ය ප්‍රකාශක සයීඩ් සුල්ෆිකාර් බුකාරි ද මෙම චෝදනා තහවුරු කරමින් කියා සිටියේ, අඩියාලා බන්ධනාගාරය තුළදී ඔහු නැවත නැවතත් වධහිංසාවලට සහ දැඩි මානසික පීඩනයට ලක්වෙමින් සිටින බවයි.
හිටපු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයෙකු ද වන ඉම්රාන් ඛාන්, බ්‍රහස්පතින්දා රාත්‍රියේ දැඩි ආරක්ෂක රැකවල් මැද රජයේ 'පාකිස්ථාන් වෛද්‍ය විද්‍යා ආයතනය' වෙත රැගෙන ගොස් ඇති අතර, සිකුරාදා අලුයම 1.00 ට පමණ නැවත අඩියාලා බන්ධනාගාරය වෙත යවා තිබුණා.
පාකිස්ථාන තොරතුරු අමාත්‍ය අතාවුල්ලා තරාර් ප්‍රකාශ කළේ අක්ෂි වෛද්‍යවරයකු, හෘද රෝග විශේෂඥයකු සහ සාමාන්‍ය වෛද්‍යවරයකු ඇතුළු වෛද්‍ය කණ්ඩායමක් විසින් ඉම්රාන් ඛාන්ව පරීක්ෂා කළ බවත්, ඔහු සෞඛ්‍ය සම්පන්නව පසුවන බව තහවුරු වූ බවයි.
ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය අඟහරුවාදා නියෝග කර තිබුණේ, වෛද්‍ය ඇගයීම් සඳහා සැප්තැම්බර් 17 දක්වා කාලය තුළ පැය 48 ක් ඇතුළත ඔහුව 'ෂිෆා' පෞද්ගලික රෝහල වෙත මාරු කරන ලෙසයි. එමෙන්ම මාස ගණනාවකින් හමුවීමට නොහැකි වූ ඔහුගේ පවුලේ සාමාජිකයන්ට ඔහුව හමුවීමට පහසුකම් සලසන ලෙස ද අධිකරණය නියෝග කර තිබුණා.
කෙසේ වෙතත්, ෂිෆා පෞද්ගලික රෝහල වෙනුවට ඉම්රාන් ඛාන්ව පාකිස්ථාන් වෛද්‍ය විද්‍යා ආයතනය වෙත රැගෙන ගිය බවත්, ෂිෆා රෝහලේ වෛද්‍යවරුන් ද එම ස්ථානයට කැඳවා පරීක්ෂණ පැවැත්වීමෙන් පසු පැය කිහිපයක් ඇතුළත නැවත බන්ධනාගාරයට යැවූ බවත් අමාත්‍ය තරාර් වැඩිදුරටත් පවසනවා.

Latest News
නිෂ්පාදන අඩාල වීමෙන් ආයතනයට පාඩු: සෙවනගල වසා දැමීම ගැන සභාපතිගෙන් නිවේදනයක්
Local
29 August 2026
ආසියානු කාන්තා සෙවන්ස් රග්බි පළමු අදියර : මැලේසියාව පරදා ශ්‍රී ලංකාවට ජය
Local
29 August 2026
මුහුදු ආදිවාසීන්ගේ මීපැණි පූජාව සේරුවිල සෑ රදුන් අබියසදී
Local
29 August 2026
උතුරු මැද පළාතට හැදෙන විශාලතම ජලාශය: පහළ මල්වතුඔය ව්‍යාපෘතියේ වැඩ කඩිනම් කරන්න ජනපතිගෙන් උපදෙස්
Local
29 August 2026
ඉබෝලාව කොංගෝවේ තවත් සෞඛ්‍ය කලාප දෙකකට ඇතුළු වෙයි
Local
29 August 2026
ඔහිය වනාන්තර කලාපයේ ගින්නක්: පාලනය කිරීමට ගුවන් හමුදාවත් කැඳවයි
Local
29 August 2026
නාවල මාර්ග බාධකයේදී පොලිස් අණ නොතකා ගිය මෝටර් රථයට වෙඩි
Local
29 August 2026
වෛද්‍ය කාණ්ඩ අතර ගැටුම් ඇති කර සෞඛ්‍ය සේවාව අර්බුදයට ගෙන යාමේ උත්සාහයට එරෙහිව ඉදිරි ක්‍රියාමාර්ග ගන්නවා – GMOA
Local
29 August 2026
නේපාල ගංවතුරෙන් මියගිය බවට සැකකෙරෙන පුද්ගලයින් 7 දෙනෙකුගේ සිරුරු ඉන්දියාවේ ගංගාවල
Local
29 August 2026
ලංකාව ආසන්නයේ ඇති ඉරාන නැව් ගැන විදේශ අමාත්‍යාංශයෙන් පැහැදිලි කිරීමක්
Local
29 August 2026