International23 August 2026

අමෙරිකාවට එරෙහිව කැනඩාවෙන් ප්‍රතිප්‍රහාරයක් - ඩොලරයට ඩොලරයක් බදු ගහයි

අමෙරිකාව සහ කැනඩාව අතර පැවැති වෙළෙඳ සාකච්ඡා බිඳ වැටීමත් සමග, අමෙරිකානු භාණ්ඩ සඳහා දැවැන්ත බදු පැනවීමට කැනඩාව තීරණය කර තිබෙනවා.

කැනඩාවේ අගමැති මාර්ක් කාර්නි සෙනසුරාදා ප්‍රකාශ කළේ, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් කැනේඩියානු නිෂ්පාදන සඳහා පැනවූ 50% ක බදුවලට ප්‍රතිචාර වශයෙන් "ඩොලරයට ඩොලරයක්" ලෙස මෙම අතිරේක බදු අය කරන බවයි.

මෙම අතිරේක බදු අය කිරීම ලබන සැප්තැම්බර් 08 වැනිදා සිට ක්‍රියාත්මක වනවා.

ඊට අමෙරිකාවෙන් ආනයනය කෙරෙන යකඩ, කිරි නිෂ්පාදන, විදුලි උපකරණ, කෘෂිකාර්මික උපකරණ, කඩදාසි සහ ඉලෙක්ට්‍රොනික භාණ්ඩ රැසක් ඇතුළත්.

දෙරට අතර දින තුනක් පුරා පැවැති දැඩි සාකච්ඡා අසාර්ථක වීමෙන් පසු, දෙපාර්ශ්වයම ඊට එකිනෙකාට චෝදනා කරගනිමින් සිටින බවයි වාර්තා වන්නේ.

අමෙරිකාව විසින් පැනවූ නව බදු මඟින් ඩොලර් බිලියන 20  ක පමණ කැනේඩියානු අපනයනවලට බලපෑම් එල්ල වී තිබෙනවා.

ඊට වයින්, ගෘහ භාණ්ඩ, සිමෙන්ති, ඇඳුම් පැළඳුම් මෙන්ම හොකී ක්‍රීඩා භාණ්ඩ ද ඇතුළත් වන අතර, මෙම තත්ත්වය හමුවේ දෙරට අතර පවතින උතුරු අමෙරිකානු නිදහස් වෙළෙඳ ගිවිසුමේ අනාගතය ද අවිනිශ්චිත වී ඇති බවයි විදේශ මාධ්‍ය වාර්තා කරන්නේ.
Related recommendation
Hiru TV News | Programmes