General23 August 2026

මඩකලපුව කෝට්ටේකල්ලාර් මාර්ගයේ සිදුවූ රිය අනතුරකින් ‍සිසුන් දෙදෙනෙක් මරුට

මඩකලපුව, කෝට්ටේකල්ලාර් ප්‍රධාන මාර්ගයේ සිදුවූ යතුරුපැදි අනතුරකින් සිසුන් දෙදෙනෙක් මියගොස් තවත් පස්දෙනෙකු බරපතල තුවාල ලබා ඇතැයි මඩකලපුව පොලිසිය පවසනවා.
කෝට්ටේකල්ලාර් කන්නකී අම්මන් කෝවිල අසලදී ඊයේ (22) රාත්‍රී 9.21 ට පමණ මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කරන්නේ.

කෝට්ටේකල්ලාර් ප්‍රදේශයේ තරුණයින් සිව්දෙනෙකු යතුරුපැදි දෙකකින් කල්මුනේ මාර්ගය ඔස්සේ ගමන් කරමින් සිටියදී යතුරුපැදි දෙක එකිනෙකට ගැටී තිබෙනවා.

එහිදී පාලනයෙන් ගිලිහුණු එක් යතුරුපැදියක් මාර්ගය හරහා මාරු වීමට බලා සිටි සිසුන් තිදෙනෙකුගේ ඇගේ වැදී ඇති බවට හෙළිවූ බ වයි පොලිසිය පවසන්නේ.

මෙලෙස මරණයට පත්ව ඇතිතේ මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් දෙදෙනෙක්.

මෙම අනතුරුනි පුද්ගලයන් 07 දෙනකු තුවාල ලබා රෝහල් ගත කර තිබුණා.

මෙම අනතුරින් 18 හැවිරිදි කිෂොන් එම ස්ථානයේදීම මිය ගොස් ඇති අතර, ප්‍රතිකාර සඳහා රෝහලට ඇතුළත් කර සිටියදී 17 හැවිරිදි කතිසන් නමැත්තා අද (23) උදෑසන රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මරණයට පත්ව තිබූ බවයි වාර්තා වන්නේ.

අනතුරින් මරණයට පත්ව සිටි සිසුන් විශේෂ උපකාරක පන්තියක් අවසන් කර ආපසු නිවෙස් වෙත යමින් සිටියදී මෙම අනතුරට මුහුණ පා ඇති බවයි සඳහන් වන්නේ.

අනතුරින් තුවාල ලැබූ තවත් පිරිමි ළමුන් දෙදෙනෙක් සහ ගැහැණු ළමුන් තිදෙනෙක් මේ වන විට රෝහල් ගත කර ඇති බවයි සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබන්නේ.


Related recommendation
Hiru TV News | Programmes