General24 August 2026

රට පුරා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අද සිට වෘත්තීය ක්‍රියාමාර්ගයක

දිවයින පුරා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අද (24) සිට පරිපාලනය වෙත ලබාදෙන දත්ත සහ වාර්තා සැපයීම සම්පූර්ණයෙන්ම අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.

ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් චමිල් මුතුකුඩ කියා සිටියේ ගුවන් තොටුපොළ සෞඛ්‍ය කාර්යාලයේ සිදුවන අක්‍රමිකතා සහ දූෂණ සම්බන්ධයෙන් හෙලිදරව් කළ තම සංගමයේ නිලධාරින්ට ස්ථාන මාරු වීම් ලබා දීමට එරෙහිව මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය සිදුකරන බවයි.
Related recommendation
Hiru TV News | Programmes