ව්‍යාජ ලෙස ශ්‍රී ලංකා ප්‍රමිති ලාංඡනය (SLS) යොදා වෙළෙඳපොළට නිකුත් කිරීමට සූදානම් කර තිබුණු පානීය ජල බෝතල් 8,500කට ආසන්න තොගයක් පාරිභෝගික අධිකාරිය භාරයට ගෙන තිබෙනවා.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන් විසින් අවිස්සාවේල්ල ප්‍රදේශයේ සිදු කළ විශේෂ වැටලීමකදී මෙම පානීය ජල බෝතල් 8,500කට ආසන්න තොගය සිය භාරයට ගත් බවයි පාරිභෝගික අධිකාරිය පවසන්නේ.
අදාල පානීය ජලය අමිතිරිගල, රුවන්වැල්ල ප්‍රදේශයේ පිහිටි නිෂ්පාදනාගාරයක නිෂ්පාදනය කර, අවිස්සාවේල්ල ප්‍රදේශයේ පිහිටි ගබඩාවක ගබඩා කර තිබුණු බවයි මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.
එම ගබඩාව පරීක්ෂා කිරීමේදී මිලිලීටර් 500 සිට ලීටර් 19 දක්වා විවිධ ප්‍රමාණවලින් යුත් පානීය ජල බෝතල්වල, SLS ප්‍රමිති ලාංඡනය සහ සහතික අංක 894 ව්‍යාප් ලෙස සඳහන් කර තිබුණු බව නිලධාරීන් විසින් අනාවරණය කරගෙන තිඛෙන බවයි පාරිභෝගික අධිකාරිය පවසන්නේ.
මෙම පානීය ජල බෝතල් තොගය ඒ වන විටත් වෙළෙඳපොළට නිකුත් කර නොතිබුණු අතර, එය වෙළෙඳපොළට නිකුත් කිරීම සඳහා සූදානම් කර තිබූ තොගයක් බවයි විමර්ශනවලදී හෙළි වී ඇත්තේ.
අදාළ ජල බෝතල් 8,500කට ආසන්න ප්‍රමාණය නිලධාරීන් විසින් මුද්‍රා තබා සිය භාරයට ගෙන ඇති අතර, වැඩිදුර විමර්ශන අවසන් කිරීමෙන් පසු, වගකිව යුතු පාර්ශ්වයන්ට එරෙහිව නීතිමය කටයුතු ගැනීමට නියමිත බවයි වැඩිදුරටත් සදහන් වන්නේ.

Latest News
ජාතික මිලාද්-උන් නබි මහෝත්සවය අදයි
Local
26 August 2026
වරකාපොළ - අඹේපුස්ස කිලෝමීටර 2.3ක විකල්ප මාර්ගය හදන්න රු. කෝටි 499ක් වෙන් කරයි
Local
26 August 2026
මියයෑමට පෙර OnlyFans හිමිකරුට ඩොලර් මිලියන 700 කට අධික ලාභාංශ මුදලක් ගෙවලා
Local
26 August 2026
ප්‍රකට අමෙරිකානු කන්ට්‍රි ගායිකා ඩොලි පාර්ටන් අභාවප්‍රාප්ත වෙයි
Local
26 August 2026
ජාතික මීලාද්-උන් නබි රාජ්‍ය මහෝත්සවය හෙට ජනපති ප්‍රධානත්වයෙන්
Local
25 August 2026
ත්‍රීවිල් පදින්න අවම වයසක් ගැන තීරණයක් අරන් නැහැ: නලින්ගේ කතාවට නලින්දගෙන් ප්‍රතිචාර
Local
25 August 2026
හුරුළුවැවේ ජල ධාරිතාව පහළට
Local
25 August 2026
නව රාජ්‍යතාන්ත්‍රිකයින් 11 දෙනෙක් ජනපතිට අක්තපත්‍ර භාර දෙයි
Local
25 August 2026
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස රුවන්වැලි මහා සෑරදුන් වැඳපුදා ගනී
Local
25 August 2026
ගාල්ල සහ මාතරට යන්න මාකුඹුරට මහ සෙනඟක්
Local
25 August 2026