නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ වියළි ඉඟුරු සහ එනසාල් පොතු තොගයක් කල්පිටිය, බත්තලන්ගුණ්ඩුව, සින්නගුණ්ඩුව වෙරළ ප්‍රදේශයේදී ඊයේ (23) අත්අඩංගුවට ගත් බව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසනවා.
එම ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් මේවා අත්අඩංගුවට ගත් බවයි නාවික හමුදාව සඳහන් කරන්නේ.
ඒ අනුව, වයඹ නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා විජය ආයතනය විසින් අදාල වෙරළ ප්‍රදේශයේ සිදු කරන ලද මෙම සෝදිසියේදී, එහි තිබූ සැකකටයුතු උර දහතුනක් (13) පරීක්ෂාවට ලක් කර තිබූ බවයි නාවික හමුදාව පවසන්නේ.
එහිදී, එම උර තුළ තිබී වියළි ඉඟුරු කිලෝග්‍රෑම් දෙසීය හැට හතරක (264) සහ එනසාල් පොතු කිලෝග්‍රෑම් හැට නවයක (69) තොගයක් මෙලෙස සොයාගෙන තිබුණා.
මෙම මෙහෙයුම මඟින් අත්අඩංගුවට ගත් නීතිවිරෝධී කුළුබඩු තොගය, ඉදිරි නීතිමය කටයුතු සඳහා කල්පිටිය පොලිස් ස්ථානය වෙත භාර දීමට නාවික හමුදාව කටයුතු කර තිබෙනවා.
Latest News
ෂෙබාස් ශරීෆ්ගේ රජයට එරෙහිව ඉම්රාන් ඛාන්ගේ පක්ෂයෙන් අධිකරණයට පෙත්සමක්
Local
26 August 2026
දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වන දිනය අද
Local
26 August 2026
මහජන බැංකුවේ නව සභාපති ලෙස චන්දන ගුණියංගොඩ වැඩභාර ගනී
Local
26 August 2026
මිලාද්-උන්-නබි උත්සවය වෙනුවෙන් විපක්ෂ,නායකගෙන් සුබපැතුම් පණිවිඩයක්
Local
26 August 2026
ප්‍රදේශ කිහිපයකට අද දිනයේත් වැසි
Local
26 August 2026
මිලාද්-උන්-නබි උත්සවය වෙනුවෙන් ජනපති සහ අගමැතිගෙන් විශේෂ සුබපැතුම් පණිවිඩ
Local
26 August 2026
ජාතික මිලාද්-උන් නබි මහෝත්සවය අදයි
Local
26 August 2026
වරකාපොළ - අඹේපුස්ස කිලෝමීටර 2.3ක විකල්ප මාර්ගය හදන්න රු. කෝටි 499ක් වෙන් කරයි
Local
26 August 2026
මියයෑමට පෙර OnlyFans හිමිකරුට ඩොලර් මිලියන 700 කට අධික ලාභාංශ මුදලක් ගෙවලා
Local
26 August 2026
ප්‍රකට අමෙරිකානු කන්ට්‍රි ගායිකා ඩොලි පාර්ටන් අභාවප්‍රාප්ත වෙයි
Local
26 August 2026