General26 August 2026

දඹුල්ල රෝහලට නයෙක් ඇවිත්

පවතින දැඩි වියළි කාලගුණයත් සමඟ දඹුල්ල දිස්ත්‍රික් මූලික රෝහල් පරිශ්‍රයේ පිහිටි ලේ බැංකුව අසලට පැමිණි නාගයකු ආරක්ෂිතව අල්ලා නිරුපද්‍රිතව ඉවත් කිරීමට රෝහල් කාර්ය මණ්ඩලය යුහුසුළුව කටයුතු කරනු ලැබුවා.

කාර්ය මණ්ඩලයේ හා රෝගීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් එම නාගයා රෝගි වාට්ටු හා සායන කලාපවලට ඇතුළුවීම වළක්වාලීමට රෝහල් කාර්ය මණ්ඩල කටයුතු කර තිබුණා.

රෝහල් සේවක පිරිසක් එක්ව සිදුකළ පැයක පමණ මෙහෙයුමකින් පසුවයි එම නාගයා ආරක්ෂිතව හා නිරුපද්‍රිතව අල්ලාගැනීමට සමත්වුණේ.

පවතින වියළි කාලගුණයත් සමඟ මේ දිනවල පවතින උණුසුම් තත්වය හේතුවෙන් ⁣ ජලය සොයා යන අතර මෙලෙස රෝහල් පරිශ්‍රයට පැමිණෙන්නට ඇතැයි කාර්ය මණ්ඩලයේ පිරිස් අනුමාන කරන බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
Related recommendation
Hiru TV News | Programmes