නේපාලයේ ජාතික ආපදා අවදානම් අවම කිරීමේ සහ කළමනාකරණ අධිකාරිය සිය නවතම තොරතුරු වාර්තා කරමින් පවසන්නේ, නේපාලයට බලපෑ ගංවතුර තත්ත්වයෙන් පසුව පුද්ගලයින් 1500කට ආසන්න ප්‍රමාණයක් අතුරුදහන් වී ඇති බවයි.
එලෙස අතුරුදහන් වී ඇති සංචාරකයින් සංඛ්‍යාව 800කට වැඩි බවයි වාර්තා වෙන්නේ.
ටිබෙට් හි ලාසා නගරය නේපාලයේ කත්මණ්ඩු අගනුවර හා සම්බන්ධ කරන, පාගමන් සංචාරකයින් සහ වන්දනාකරුවන්ගෙන් පිරීගිය කඳුකර ප්‍රදේශයක් තුළ ඊයේ (26) සිදු වූ මෙම ආපදාවෙන් පසුව, කොටුවී සිටින දහස් සංඛ්‍යාත පිරිසක් වෙනුවෙන් නේපාලයේ මුදවාගැනීමේ කණ්ඩායම් හෙලිකොප්ටර් යානා භාවිත කරමින් හදිසි සහනාධාර ලබාදීමට කටයුතු කළා.
"අපි සෙවුම් මෙහෙයුම් නැවත ආරම්භ කර ඇති අතර තවත් මළසිරුරු හමුවනු ඇතැයි බලාපොරොත්තු වන බැවින් මෙම සංඛ්‍යාව තවදුරටත් ඉහළ යනු ඇත," යැයි පොලිස් ප්‍රකාශක අබි නාරායන් කාෆ්ලේ (Abi Narayan Kafle) රොයිටර් පුවත් සේවයට පවසා සිටියා.
නේපාලයේ අතුරුදහන් වූ 826 දෙනා අතර විදේශිකයන් 500 කට ආසන්න සංඛ්‍යාවක් සිටින බවයි වාර්තා වෙන්නේ.
රටවල් විස්සකට වැඩි ගණනකින් අතුරුදහන් වී ඇති සංචාරකයින් අතර, ඉන්දියාවෙන් 177 දෙනෙකු, ඇමරිකා එක්සත් ජනපදයෙන් 63 දෙනෙකු, ඕස්ට්‍රේලියාවෙන් 34 දෙනෙකු, බ්‍රිතාන්‍යයෙන් 33 දෙනෙකු සහ කැනඩාවෙන් 25 දෙනෙකු වන බවට වාර්තා වෙනවා.
ටිබෙට් හි ගියිරොන්ග් (Gyirong) ප්‍රාන්තයේ අතුරුදහන් වූ සංඛ්‍යාව 558 ක් බවත්, ඒ අතර විදේශිකයින් 260 දෙනෙකු සිටින බවත් චීන රාජ්‍ය නාලිකාවක් වන CCTV ප්‍රකාශකර සිටියා.
"එය කෙළින්ම අප දෙසට ආ විශාල පස් සහ මඩ සහිත ජල පහරක්," යැයි නේපාල රෝහලක ප්‍රතිකාර ලබන 68 හැවිරිදි කේෂව් ප්‍රසාද් බරාල් (Keshav Prasad Baral) නමැති දිවි ගලවාගත් තැනැත්තෙක් පවසා සිටියා.
"එය ළඟා වෙත්ම තවත් ඉහළ ගියා. එය අපේ ගෙදරට ඇතුළු වනවා දැක මම මගේ බිරිඳගේ අතින් අල්ලාගෙන උඩ තට්ටුවට යාමට උත්සාහ කළා. නමුත් ඇය මඩ පස් පහරට ගසාගෙන ගියා." යනුවෙනුයි ඔහු පවසා සිටියේ.
පැය හතරකට පසු හෙලිකොප්ටර් යානයකින් ඔහුව බේරාගනු ලැබුවා.
"මගේ බිරිඳ තවමත් කොහේ හරි මඩ යට වැටී සිටිනවා. ඇය තවත් නැහැ," ඔහු වැඩිදුරටත් පවසා සිටියා.
තවත් දිවි ගලවාගත් අයෙකු පැවසුවේ ඇඹුල් අඹ ගසක එල්ලී තමා බේරුණු බවයි.
නේපාල නිලධාරීන්ගේ මුලික වාර්තාවලින් කියැවුණේ මෙම ප්‍රදේශයේ සිදුවූ භූමිකම්පාවක් හේතුවෙන් හිම කන්දක පහළ කොටස කඩාවැටී මෙම ගංවතුර හටගන්නට ඇති බවයි.
එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය (USGS) පැවසුවේ මුලින් රික්ටර් මාපක 4.4 ක් ලෙස වාර්තා වූ භූමිකම්පාව, සැබවින්ම හිම සහ පාෂාණ කඩාවැටීමෙන් හා පසුව සිදු වූ පස් නායයාමෙන් ඇති වූ භූ කම්පන ශක්තියක් බවයි.
චීන බලධාරීන් විසින් පස් කඩාවැටීමට සහ ගංවතුරට ලක්වූ ටිබෙට්-නේපාල දේශසීමාවට ඉහළින් පිහිටි ගියිරොන්ග් හි තවමත් අවහිර වී ඇති විලකින් මතුවිය හැකි අවදානම් හඳුනාගෙන ඇති අතර, එය මෙම කඳුකර භූමියේ මුදවාගැනීමේ මෙහෙයුම් වඩාත් සංකීර්ණ කළ හැකි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

Latest News
හෝමුස් සමුද්‍රසන්ධිය විවෘත කිරීමට හදිසියක් නැති බව ඉරානය පවසයි
Local
30 August 2026
නේපාලයේ මුදාගැනීම් සඳහා ඉන්දීය විශේෂඥ කණ්ඩායමක්
Local
30 August 2026
2027 ICC ශූරයන්ගේ කුසලාන කාන්තා තරග සත්කාරකත්වය ශ්‍රි ලංකාවට අහිමිවෙයි
Local
30 August 2026
අද සිට කෙටි ආහාර මිල රුපියල් 5කින් ඉහළට: පාන් මිලේ තීරණය හෙට
Local
30 August 2026
ආසියානු සෙවන්ස් රග්බි: ශ්‍රී ලංකාව පරදා ජපානය අර්ධ අවසන් පූර්ව වටය ජය ගනී
Local
30 August 2026
නේපාලයේ ගංවතුරින් 2,400කට වැඩි පිරිසක් අතුරුදන්
Local
30 August 2026
වෑන් රථ අනතුරකින් හත් දෙනෙක් රෝහලේ
Local
30 August 2026
දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි සහ තද සුළං
Local
30 August 2026
දීර්ඝ නිවාඩුව අවසන් වී ආපසු එන ජනතාවට විශේෂ දුම්රිය සේවාවන් අවිනිශ්චිතයි - දුම්රිය ස්ථානාධිපති සංගමය කියයි
Local
29 August 2026
ආසියානු කුසලාන කාන්තා T20 තරගාවලිය: එක්සත් අරාබි එමීරය පරදා ශ්‍රී ලංකා කාන්තා පිලට කඩුලු 9ක විශිෂ්ට ජයක්
Local
29 August 2026