International27 August 2026

නේපාල ගංවතුරෙන් මියගිය ගණන 270 දක්වා ඉහළට

නේපාලයේ සිදු වූ විනාශකාරී ගංවතුර හේතුවෙන් මියගිය සංඛ්‍යාව 270 දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

තවත් 1,500කට වැඩි පිරිසක් අතුරුදන්ව ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

නේපාලයේ අගනුවර වන කත්මණ්ඩු නගරයට උතුරින් පිහිටි රාසුවා ප්‍රදේශයට ඊයේ අලුයම මෙම හදිසි ගංවතුර තත්ත්වය බලපෑ අතර, ගම්මාන රැසක් ජලයෙන් යටවී මාර්ග සහ යටිතල පහසුකම්වලටද දැඩි හානි සිදුව තිබෙනවා.

අමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය සඳහන් කර ඇත්තේ, ග්ලැසියරයක් කඩා වැටීමත් සමග ඇති වූ සුන්බුන් ගලායාමක් හේතුවෙන් මෙම ගංවතුර තත්ත්වය හටගෙන ඇති බවයි.
Related recommendation
Hiru TV News | Programmes