General27 August 2026

ඌව පරණගම පවුල් 5200 කට සුභ ආරංචියක් - රුපියල් මිලියන 160ක මැදවෙල ජල ව්‍යාපෘතියට මුල්ගල තැබේ

ඌව පරණගම ප්‍රදේශයේ ජනතාවට දීර්ඝ කාලයක සිට පැවති පානීය ජල ගැටලුවට තිරසාර විසඳුමක් ලබාදෙමින්, රුපියල් මිලියන 160ක පිරිවැයකින් ඉදිකෙරෙන මැදවෙල ජල පවිත්‍රාගාර ව්‍යාපෘතියට මුල්ගල තැබීම ඊයේ (26) සංකේතාත්මකව සිදුකෙරුණා.

ජාතික ජල සම්පාදන හා ජලපවහන මණ්ඩලයේ පූර්ණ ප්‍රතිපාදන යටතේ ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය මගින් දිනකට ජලය ඝන මීටර 2,000ක ධාරිතාවකින් යුත් පූර්ණ ජල පිරිපහදු පද්ධතියක් ස්ථාපනය කිරීමට නියමිතයි.

මෙමගින්, මැදවෙල, දවුල්දෙන, කරගහ උල්පත සහ කැටගොඩ යන ප්‍රදේශවල පවුල් 5,200කට අධික සංඛ්‍යාවකට (පාරිභෝගිකයින් 5,292කට) පිරිසිදු, ගුණාත්මක සහ සුරක්ෂිත පානීය ජල පහසුකම් හිමිවනවා.

මෙම පූර්ණ ජල පිරිපහදු පද්ධතිය සඳහා වායුකරණ ඒකකය, කැටිතිකරණ ටැංකිය, අවසාදිත ටැංකිය, වේගවත් වැලි පෙරහන, කාර්යාල හා රසායනික ගොඩනැගිල්ල මෙන්ම පසු සේදීම් ඒකකය සහ ජල පොම්පාගාරය ඇතුළු සියලුම නවීන අංග ඇතුළත් කර තිබීම විශේෂත්වයක්.

Related recommendation
Hiru TV News | Programmes