පාකිස්ථානයේ ඉස්ලාමාබාද් නුවර පිහිටි ප්‍රධාන රෝහලක මාතෘ වාට්ටුවක ඇති වූ හදිසි ගින්නකින් දින කිහිපයක් වයසැති අලුත උපන් බිලිඳුන් 14 දෙනෙකු පිළිස්සී මියයාම සම්බන්ධයෙන් එම බිළිඳුන්ගේ මව්පියන් බලධාරීන්ට දොස් පවරමින් සිටිනවා.
රෝහලේ හට ගත් මෙම ගින්නත් සමග තම දරුවන් බේරාගැනීමට උපකාර ඉල්ලා හඬා වැටුණද, සහන කණ්ඩායම් පැමිණීමට පැය ගණනාවක් ප්‍රමාද වූ බව ශෝකයට පත් මව්පියන් පවසනවා.
පාකිස්ථාන වෛද්‍ය විද්‍යා ආයතනයේ තෙවැනි මහලේ හදිසියේ ගින්න හටගන්නා අවස්ථාවේදී සිය බිලිඳා එහි සිටි බව පවසන ජවේරියා නැමැති මවක් ප්‍රකාශ කළේ, පැය දෙකක් තිස්සේ තමන් උපකාර ඉල්ලා හඬා වැටුණු නමුත් සහන කණ්ඩායම් පැමිණියේ ප්‍රමාද වී බවයි.
''පොලීසිය පැමිණියේ පැය හතරකට පස්සේ, ඇවිත් කියනවා විමර්ශනය කරන්න ආවා කියලා. මගේ පැටියා ඇතුළු බිලිඳුන් පිළිස්සී මිය යනකම්ම ඔවුන්ව බේරාගන්න කවුරුත් හිටියේ නැහැ," යනුවෙන් ඇය චෝදනා කළා.
ගින්නෙන් සිය දින තුනක් වයසැති දියණිය අහිමි වූ 40 හැවිරිදි කුරම් මහමුද් පවසන්නේ උදෑසන 6.00ට පමණ හටගත් ගින්න නිවීමට බලධාරීන් පැමිණියේ උදෑසන 9.00ට පමණ බවයි.
සහන කණ්ඩායම් එනතෙක් ජනතාව තමන්ට හැකි අයුරින් උපකාර කරගත් බවත්, සිය බිරිඳ නිරුපද්‍රිතව එළියට ගත්තද දියණිය අහිමි වූ බවත්, ඔහු වැලපෙමින් පැවසුවා.
වායු සමීකරණ යන්ත්‍රයක ඇති වූ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් මෙම ගින්න හටගෙන ඇති බවට පාකිස්ථාන බලධාරීන් ප්‍රකාශ කරන අතර, සහන සේවා ප්‍රමාද වූ බවට නැගෙන චෝදනා ඔවුහු ප්‍රතික්ෂේප කරනවා.
කෙසේ වෙතත්, දුමෙන් කළු වී ගිය මුහුණින් සහ දෑතින් යුතුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ ඇසින් දුටු සාක්ෂිකරුවන් කිහිපදෙනෙකුම සඳහන් කළේ හදිසි අනතුරු සේවා පැමිණීමට පැය ගණනාවක් ගතවූ බවයි.
අලුත උපන් දරුවන්ගේ දැඩි සත්කාර ඒකකයට ඇතුළු වීමට වෙනත් මගක් නොමැති වූ විට ඔවුන්ට රෝහලේ වීදුරු ජනේල කඩා දැමීමට පවා සිදු වූ බව ඔවුහු පවසනවා.
තවත් පිරිසක් සඳහන් කළේ ගින්න පැතිර යන අවස්ථාවේදී ඇතැම් දොරවල් වසා අගුළු දමා තිබූ අතර, ආරක්ෂක නිලධාරීන් විසින් ජනතාව පිටතට යාම වැළැක්වූ බවයි.
"ඇතුළත හැම තැනම කළු පැහැති තද දුමෙන් පිරී තිබුණා. රෝගීන් ඇතුළේ සිරවෙලයි හිටියේ. හැකි තරම් පිරිසක් බේරාගන්න මම ඇතුළට ගියත්, බිලිඳුන් සිටි ඒකකයට ළඟා වෙන්න අපිට පුළුවන් වුණේ නැහැ," යනුවෙන් සිද්ධිය ඇසින් දුටු අබ්දුල් ගෆූර් පැවසුවා.

Latest News
පොළොන්නරුවේ ජලාශවලින් වගාවලට වතුර දීම අත්හිටුවයි
Local
01 September 2026
අමෙරිකා සහ ඉරාන ගැටුම් මැද ලෝක වෙළෙඳපොළේ තෙල් මිල 4% කින් ඉහළට
Local
01 September 2026
නාවික ගමනාගමනයට එල්ල වූ ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරාන ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කරන බවට අමෙරිකානු මධ්‍යම විධානයෙන් තර්ජනයක්
Local
01 September 2026
22 වැනි සංශෝධනයට එරෙහි පෙත්සම් විභාගය හෙට දක්වා කල් තැබෙයි: විභාගය අවසන් වූයේ රාත්‍රී 10:30ට
Local
01 September 2026
නීතිවිරෝධී චීන දුම්වැටි තොගයක් රේගු අත්අඩංගුවට
Local
01 September 2026
වෛද්‍ය නොසැලකිල්ලක් නිසා මව්කුස තුළම පුංචි මල් කැකුළක් නිහඬ වූ බවට චෝදනා
Local
01 September 2026
පාකිස්තානයටත් ගංවතුරක්
Local
01 September 2026
දෙකෝටියකට අධික මුදල් වංචාවක් කළැයි කෑගල්ලේ මාලිමා නාගරික මන්ත්‍රීවරයෙක් ලබන 09 වැනිදා තෙක් රිමාන්ඩ්
Local
01 September 2026
ඒබ්‍රහම් ලින්කන් නෞකාව පැමිණීමට පෙර පතායා හි විශේෂ වැටලීමක්: ලිංගික ශ්‍රමිකයින් රැසක් අත්අඩංගුවට
Local
01 September 2026
හීන දිනන්න දියණිය විභාගයට ගිය දා පියාට අත්වූ ඛේදනීය ඉරණම
Local
01 September 2026