General28 August 2026

එප්පාවල ලංකා පොස්පේට් සමාගමේ නිෂ්පාදන ධාරිතාව ඉහළට

එප්පාවල ලංකා පොස්පේට් සමාගමේ නිෂ්පාදන ධාරිතාව ඉහළ නැංවීමේ අරමුණින් රුපියල් මිලියන 110 ක නව මෙහෙයුම් වාහන සහ යන්ත්‍රෝපකරණ එක්කර තිබෙනවා.

ඊට අදාළ කටයුතු කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්තිගේ ප්‍රධානත්වයෙන් ඊයේ (27) සිදුවුණා.

මෙම ව්‍යාපෘතිය යටතේ රුපියල් මිලියන 79 ක් වැය කරමින් වීල් ලෝඩර් යන්ත්‍ර දෙකක්, රුපියල් මිලියන 18 ක් වැය කරමින් ටිපර් රථ දෙකක් සහ රුපියල් මිලියන 13 ක් වැය කරමින් පෝක් ලිෆ්ට් යන්ත්‍ර දෙකක් ආයතනික මෙහෙයුම් කටයුතු එක්කරනු ලැබුවා.

එමෙන්ම, ආයතනයේ මෙහෙයුම් ශක්තිමත් කිරීම සඳහා තෝරාගත් නව රියදුරන් සඳහා පත්වීම් ලිපි ප්‍රදානය කිරීමද අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණා.
Related recommendation
Hiru TV News | Programmes