International29 August 2026

නේපාල ගංවතුරෙන් මියගිය සංඛ්‍යාව 579 දක්වා ඉහළට

නේපාලයට බලපෑ හදිසි ගංවතුර සහ නායයෑම් හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 579 දක්වා ඉහළ ගොස් ඇති බව එරට ආපදා සහන ඒජන්සිය සඳහන් කර තිබෙනවා.

එමෙන්ම තවත් පුද්ගලයින් 1,924 දෙනෙකු අතුරුදන්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මේ අතර, නේපාලයට ආසන්න ටිබෙට් ප්‍රදේශයේද ගංවතුර හා නායයෑම් හේතුවෙන් පුද්ගලයින් අවම වශයෙන් 7 දෙනෙකු මියගොස් ඇති අතර, තවත් 554 දෙනෙකු අතුරුදන්ව ඇති බව සඳහන්.

අතුරුදන් වූවන් සොයා සහන කණ්ඩායම් මෙහෙයුම් සිදුකරමින් පවතින අතර, ආපදා තත්ත්වය හේතුවෙන් ප්‍රදේශ රැසක මාර්ග සහ යටිතල පහසුකම්වලටද දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා.
Related recommendation
Hiru TV News | Programmes