පවුල් ආරවුලක් දුරදිග යාම හේතුවෙන් බිරිඳගේ හිසට පොරවෙන් පහර දී ඝාතනය කළ බව කියන සැමියකු ඊයේ (29) නුවරඑළිය පොලිසිය වෙත භාර වී තිබෙනවා.
පවුල් ආරවුලක් හේතුවෙන් තම බිරිඳගේ හිසට පොරවෙන් පහර දී තුවාල සිදු කළ බවත් පසුව තමන් පොලිසිය වෙත පැමිණි බවත් සැකකරු පොලිසිය හමුවේ පවසා ඇතැයි නුවරඑළිය පොලිසිය පවසනවා.
පොරෝ පහරින් බරපතල තුවාල ලබා සිටි එම කාන්තාව ප්‍රදේශවාසීන් විසින් නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුළත් කිරීමට ගෙන යන අවස්ථාවේදී ඇය මියගොස් ඇති බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරන්නේ.
මෙම ඝාතනයෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ නුවරඑළිය පොලිස් වසමට අයත් බොරලන්ද විනයාගපුරම් ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි චිත්‍රා දේවි නම් කාන්තාවක්.
මියගිය කාන්තාවගේ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ තැන්පත් කර තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් 32 හැවිරිදි සැකකරු අද (30) දින නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර, නුවරඑළිය පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.
Latest News
ශ්‍රී ලංකන් ගුවන් සේවයට අදට වසර 47ක්
Local
01 September 2026
ශ්‍රී ලංකන් ගුවන් සේවයට අදට වසර 47ක්
Local
01 September 2026
නිරෝධායන සහ රෝග වැළැක්වීමේ ආඥාපනත සංශෝධනයට සමාලෝචන කමිටුවක්
Local
01 September 2026
කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයාට ප්‍රංශයෙන් ගෞරව සම්මානයක්
Local
01 September 2026
හෙටත් දිස්ත්‍රික්ක 9ක් උණුසුම්
Local
01 September 2026
22ට එරෙහි පෙත්සම් පංච පුද්ගල විනිසුරු මඬුල්ල ඉදිරියේ ඇරඹෙයි:
Local
01 September 2026
නිරූපණ ශිල්පිනී චූලා පද්මේන්ද්‍රගේ මරණයට විවෘත තීන්දුවක්
Local
01 September 2026
කොළඹ වරාය නගරයේ ව්‍යාපාර 68කට කැබිනට් අනුමැතිය
Local
01 September 2026
හෝමාගම, පිටිපන, තාක්ෂණික නගර ව්‍යාපෘතියේ මාර්ග පහසුකම් දියුණු කිරීමට කැබිනට් අනුමැතිය
Local
01 September 2026
බිම්ස්ටෙක් තාක්ෂණික පැවැරුම් පහසුකම ශ්‍රී ලංකාවේ ස්ථාපනය කිරීමට කැබිනට් අනුමැතිය
Local
01 September 2026