ඩුබායිහීදි අත්අඩංගුවට ගත් අපරාධ කල්ලි සාමාජිකයෙකු වන ගමගේ සාරංග ප්‍රදීප් හෙවත් 'වැල්ලේ සාරංග' නැමැත්තා සිදුකළ කුළී ඝාතන ඇතුළු අපරාධ රැසක් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වී තිබෙනවා.
මනුෂ්‍ය ඝාතන ඇතුලූ අපරාධ කිහිපයක් සම්බන්ධයෙන් පොලිසියට අවශ්‍යව සිටි සැකකරුවෙක් වන මෙම වැල්ලේ සාරංග නැමැත්තා පසුගිය දා අත්අඩංගුව ගෙන තිබුණේ, පසුගියදා බස් ලලිත් නැමැත්තා අත්අඩංගුවට ගැනීමට ගිය මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශයේ අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කමල් ආරියවංශ හා බුද්ධි සේවයේ නිලධාරීන් ලබාදුන් තොරතුරු මතයි.
ඒ අනුව, අත්අඩංගුවට ගත් සැකකරු ඉදිරි සති කිහිපය තුළ මෙරටට රැගෙන ඒමට නියමිත බවද වාර්තා වුණා.
2020 වසරේ අගෝස්තු මාසයේදී වැල්ලේ සාරංග නමැත්තා කටුනායක ගුවන් තොටුපලෙන් විදෙස් රටකට පලායෑමට උත්සාහ කිරීමේදී කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගනු ලැබූ අතර පසුව ඔහු ඇප මත නිදහස්ව සිටියදී යළි රහසේ ඩුබායි වෙත පලාගොස් ඇති බවයි වාර්තා වන්නේ.
මෙම සැකකරුට එරෙහිව මනුෂ්‍ය ඝාතන ඇතුළු අපරාධ චෝදනා රැසක් එල්ල වනවා.
ඒ අනුව 2022 වසරේ ජුනි මාසයේ වත්තල ප්‍රදේශයේදී පුද්ගලයෙකු කුලී ඝාතකයින් ලවා ඝාතනය කිරීම, මට්ටක්කුලිය ප්‍රදේශයේදී අලිවත්තේ අසිත නමැත්තාගේ ඝාතනය සැලසුම් කිරීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව එල්ල වන චෝදනායි.
මීට අමතරව 2024 වසරේ පෙබරවාරි මාසයේදී වැල්ලේ සාරංග නමැත්තාගේ මස්සිනා වන උක්කුවා නමැත්තා ඝාතනයට පළිගැනීමක් ලෙස 2025 වසරේදී ඩුබායි නිපුණගේ ගෝලයෙකු වෙඩි තබා ඝාතනය කිරීම සහ 2023/2024 වසරවල මෝදර හා මට්ටක්කුලිය ප්‍රදේශයේ සිදුවූ වෙඩිතැබීමේ සිද්ධි කිහිපයක් සම්බන්ධයෙන් වැල්ලේ සාරංග පොලිසියට අවශ්‍යව සිටි සැකකරුවෙකු ද වනවා.

Latest News
යුක්රේනයේ සාප්පු සංකීර්ණයකට රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයක් - 5 දෙනෙකු මියගොස් 67කට තුවාල
Local
11 September 2026
හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ FCIDයට පැමිණෙයි
Local
11 September 2026
වසර 25කට පසු අමෙරිකානු ගුවන් තොටුපළ ආරක්ෂාව වෙනස් වෙයි
Local
11 September 2026
ඔක්තෝම්බර්, නොවැම්බර් මාසවල සැලකිය යුතු වර්ෂාපතනයක්
Local
11 September 2026
BRICS නායක සමුළුවට එක්වීමට චීන ජනපති මේ සති අන්තයේ ඉන්දියාවට
Local
11 September 2026
18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා රුසියානු ජනපති පුටින් ඉන්දියාවේ නවදිල්ලි නුවරට
Local
11 September 2026
බොරතෙල් බැරලයක මිල තවදුරටත් ඉහළ මට්ටමක
Local
11 September 2026
සැප්තැම්බර් 11 ප්‍රහාරයට අදට වසර 25ක්
Local
11 September 2026
ඊශ්‍රායල ප්‍රහාර මැද දකුණු ලෙබනනයට රික්ටර් මාපක 4.1ක භූ කම්පනයක්
Local
11 September 2026
දෙහිවල නිවසකට එල්ල වූ අත්බෝම්බ ප්‍රහාරය ගැන විමර්ශනයට කණ්ඩායම් 3ක්
Local
11 September 2026