General01 September 2026

බිම්ස්ටෙක් තාක්ෂණික පැවැරුම් පහසුකම ශ්‍රී ලංකාවේ ස්ථාපනය කිරීමට කැබිනට් අනුමැතිය

බෙංගාල බොක්ක ආශ්‍රිත රටවල (BIMSTEC) සංවිධානයේ තාක්ෂණික පැවැරුම් පහසුකම ශ්‍රී ලංකාවේ ස්ථාපනය කිරීම සඳහා වූ ගිවිසුමට (Host Country Agreement) අත්සන් තැබීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

2008 වසරේ ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවැති දෙවන BIMSTEC රාජ්‍ය නායක සමුළුවේදී ගත් තීරණයකට අනුව, මේ සඳහා වන සහයෝගිතා ගිවිසුමට 2022 මාර්තු 30 වැනිදා කොළඹදී පැවැති පස්වන BIMSTEC සමුළුවේදී සාමාජික රටවල් විසින් අත්සන් තැබුවා.

BIMSTEC සාමාජික රටවල ක්ෂුද්‍ර, කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සඳහා නව තාක්ෂණය ලබා දීම, ධාරිතා වර්ධනය සහ බුද්ධිමය දේපළ කළමනාකරණය මෙම පහසුකම ස්ථාපනය කිරීමේ ප්‍රධාන අරමුණයි.

මෙම තාක්ෂණික පැවැරුම් පහසුකමේ නෛතික තත්ත්වය, වරප්‍රසාද සහ මුදාහැරීම් විධිමත් කරමින් සත්කාරක රට වන ශ්‍රී ලංකාව සහ BIMSTEC ලේකම් කාර්යාලය අතර අදාළ ගිවිසුම අත්සන් කිරීම පිණිස විදේශ කටයුතු අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවටයි මෙලෙස කැබිනට් අනුමැතිය හිමිව තිබෙන්නේ.
Related recommendation
Hiru TV News | Programmes