General01 September 2026

ශ්‍රී ලංකන් ගුවන් සේවයට අදට වසර 47ක්

ශ්‍රී ලංකාව ලෝකය හා යා කරමින් මෙරට ජාතික ගුවන් සේවය වන ශ්‍රීලංකන් ගුවන් සේවය (SriLankan Airlines) අද (01) සිය 47 වන සංවත්සරය සමරනු ලබනවා.

1979 සැප්තැම්බර් 01 වනදා බෝයිං 707 (Boeing 707) වර්ගයේ ගුවන් යානා දෙකකින් එයාර්ලංකා නාමය යටතේ සිය මෙහෙයුම් කටයුතු ආරම්භ කළ ශ්‍රීලංකන් ගුවන් සේවය, අද වන විට ජාත්‍යන්තර ගුවන් ක්ෂේත්‍රය තුළ ප්‍රමුඛ පෙළේ කලාපීය ගුවන් සේවයක් ලෙස තම නාමය සටහන් කිරීමට සමත්ව තිබෙනවා.

ශ්‍රී ලාංකේය අනන්‍යතාවය සහ ආගන්තුක සත්කාරය ලොව පුරා ප්‍රචලිත කිරීමට මුල් වූ මෙම ගුවන් සේවය, ගුවනින් ගමන් ගන්නා මගීන්ගේ ආරක්ෂාව සහ විශ්වාසනීයත්වය ඉහළින්ම තහවුරු කිරීමට සමත්ව තිබීම විශේෂත්වයක්.

Related recommendation
Hiru TV News | Programmes