General02 September 2026

හිටපු නගරාධිපති මුසම්මිල්ගේ වැඩිමහල් පුතා අත්අඩංගුවට: මිලියන 36ක මුදල් වංචාවක්

කොළඹ හිටපු නගරාධිපති ඒ. ජේ. එම්. මුසම්මිල්ගේ වැඩිමහල් පුත්‍රයා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගොඩනැගිලි ඉදිකිරීම් ව්‍යාපෘතියකට අදාළව ගෙවිය යුතුව තිබූ රුපියල් මිලියන 36කට ආසන්න මුදලක් නොගෙවීම සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලකට අනුවයි මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත්තේ.

සැකකරු සම්බන්ධයෙන් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය මගින් වැඩිදුර විමර්ශන සිදු කරනවා.
Related recommendation
Hiru TV News | Programmes