General05 September 2026

ලිට්‍රෝ ගෑස් මිල පහළට

අද (05) සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්‍රෝ ගෑස් මිල අඩු කර තිබෙනවා.

ඒ අනුව කිලෝග්‍රෑම් 12.05ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 100කින් අඩු කර ඇති අතර, එහි නව මිල දැක්වෙන්නේ රුපියල් 4,365ක් ලෙසයි.

එමෙන්ම කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 42කින් අඩු කර ඇති අතර, එහි නව මිල රුපියල් 1,750ක් බවයි එම සමාගම නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.

ඊට අමතරව කිලෝග්‍රෑම් 2.3 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 20කින් අඩුකර ඇති අතර, එහි නව මිල රුපියල් 815ක්.
Related recommendation
Hiru TV News | Programmes