රාජකාරී කටයුතු අධික වීම හේතුවෙන් ඇතිව තිබෙන පීඩනය තවදුරටත් දරා ගත නොහැකි බව පවසමින් පොලිස් තොරතුරු පොතේ සටහන් යොදා දෙහිවල පොලිසියේ රථ වාහන අංශයේ ස්ථානාධිපති තනතුර දරන පොලිස් පරීක්ෂකවරයෙකු සේවය අතහැර ගොස් ඇති බව දෙහිවල පොලිසිය සඳහන් කරනවා.
මෙම පොලිස් පරීක්ෂකවරයාගේ අදාළ ක්‍රියාව හේතුවෙන් අනෙකුත් නිලධාරීන්ට වැරැදි පූර්වාදර්ශයක් ලබාදී තිබෙන නිසා මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස ගල්කිස්ස කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අශෝක ගුණසේකර ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට උපදෙස් ලබාදී තිබෙනවා.
ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් මේ සම්බන්ධයෙන් පොලිස් නීති කොට්ඨාසයෙන් උපදෙස් ගැනීමෙන් අනතුරුව දෙහිවල පොලිස් ස්ථානාධිපති තනතුර දරන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාගෙන් සහ එම පොලිසිය අධීක්ෂණය කරන සහකාර පොලිස් අධිකාරීවරයාගෙන්ද ප්‍රකාශ ගෙන ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසුවා.
පනතේ හා දණ්ඩ නීති සංග්‍රහයේ අණ පනත් අනුව එම පොලිස් පරීක්ෂකවරයා සේවය අතහැර යාම සම්බන්ධයෙන් විමර්ශනයක් කර ඒ සම්බන්ධයෙන් තොරතුරු වාර්තාවක් මහේස්ත්‍රාත් අධිකරණයේ අංක තුන අධිකරණයට පෙරේදා (03) තොරතුරු වාර්තාවක් ඉදිරිපත් කළ බව පොලිසිය සඳහන් කරනවා.
මෙම පොලිස් පරීක්ෂකවරයාට නොතීසියක් නිකුත් කරන ලෙස සහ ගුවන් ගමන් තහනමක් පනවන ලෙස අධිකරණයෙන් කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ බව ද සඳහන්.
අපරාධමය චෝදනාවක් සම්බන්ධයෙන් අනාවරණය වන්නේ නම් ඒ බව මෙම මස 24 වැනිදාට දැනුම් දෙන ලෙස අධිකරණය පොලිසියට දැනුම් දී තිබෙනවා.

Latest News
ඉන්දියාවේ වනාන්තරයකින් දුර්ලබ ඔරංඔටං පැටවුන් 05ක් හමුවෙයි - ජාත්‍යන්තර ජාවාරමක් ගැන පරීක්ෂණ
Local
09 September 2026
වාහන අංක තහඩු ගැටලුව මාස 6ක් ඇතුළත විසඳීමට පියවර
Local
09 September 2026
AI ඉදිරි දශකයේ මිනිස් සංහතියටම අවදානමක් වෙයිද?
Local
09 September 2026
දිගුකාලීන භාණ්ඩාගාර බිල්පත් සඳහා ඉල්ලුම අඩුවේ
Local
09 September 2026
නාමල්ට එරෙහි සාක්ෂි ගැන පොහොට්ටුවෙන් සැකයක් – “විශ්වාස කරන්න බැහැ” සාගර කියයි
Local
09 September 2026
ඒකලින් කොළඹට මෙට්‍රො බස් 20ක් – නව ඩිපෝව අද සිට මෙහෙයුම් අරඹයි
Local
09 September 2026
මොරටුව රාවතාවත්ත ප්‍රදේශයේ වෙඩි තැබීමක්
Local
09 September 2026
පොලිස් ජීප් රථයකට සමාන ජීප් රථයකින් පොලිස් උපායදූතයකු මරා දැමීමට කළ සැළසුමක් හෙළිවෙයි
Local
09 September 2026
"ජනපති ආවා කියලා දැනගත්තම මිනිස්සු දුවගෙන එන්නේ කානු දිගේ" - මාලිමා මන්ත්‍රිනී තුෂාරි
Local
09 September 2026
අග්‍රාමාත්‍යවරිය සහ ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං අතර හමුවක්
Local
09 September 2026