General06 September 2026

අද සවස 2න් පසු ප්‍රදේශ රැසකට මිලිමීටර් 75ට වැඩි තරමක තද වැසි

ඌව, මධ්‍යම සහ නැගෙනහිර පළාත්වලත්, පොළොන්නරුව සහ මුලතිවු දිස්ත්‍රික්කවලත් අද (06) සවස් කාලයේ දී (පස්වරු 2.00න් පමණ පසුව) තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එමෙන්ම, ඌව සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ට වැඩි තරමක තද වැසි ඇතිවීමේ හැකියාවක් පවතින බව ද එම දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

තවද, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති විය හැකි බවයි එම නිවේදනයේ සඳහන්.
Related recommendation
Hiru TV News | Programmes