දරුවන් සමග සිදුවන භෞතික ස්පර්ශයන් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමේදී දරුවාගේ කැමැත්තට (Consent) ප්‍රමුඛස්ථානය ලබා දිය යුතු බවට ළමා හිමිකම් ක්‍රියාකාරිනී, 'ස්ටොප් චයිල්ඩ් කෲවල්ටි' (Stop Child Cruelty Trust) සංවිධානයේ සභාපති වෛද්‍ය තුෂාරා වික්‍රමනායක අවධාරණය කර තිබෙනවා.
ඇය පෙන්වා දෙන්නේ සාම්ප්‍රදායිකව කතා කෙරෙන “හොඳ ස්පර්ශය සහ අයෝග්‍ය ස්පර්ශය” (Good touch, bad touch) යන සංකල්පයට අමතරව, දරුවෙකු තමන්ට වන ස්පර්ශයන්ට එකඟ වන්නේද යන්න තීරණය කිරීමට ඇති අයිතිය ගරු කළ යුතු බවයි.
දේශපාලනඥයන් සහ දරුවන් සම්බන්ධ ඡායාරූප කිහිපයක් පෙන්වා දෙමින් ඇය මේ බව සඳහන් කර ඇත්තේ, දරුවකුගේ අභිමතය හෝ කැමැත්තකින් තොරව සිදු කෙරෙන ඕනෑම ස්පර්ශයක් නුසුදුසු විය හැකි බවයි.
එහිදී එක් සිදුවීමක් දැඩි ලෙස විවේචනය කළ ඇය, තවත් අවස්ථාවක විරුද්ධ පක්ෂ නායක සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවට පෙත්සමක් භාර දෙන අවස්ථාවේදී දරුවෙකුගෙන් “මම ඔයාගේ උරහිස් මත අත තැබුවට කමක් නැද්ද?” යැයි විමසා අවසර ලබා ගැනීම දරුවාගේ කැමැත්තට ගරු කිරීමේ කදිම නිදසුනක් ලෙස අගය කර තිබෙනවා.
දරුවන්ට තමන්ට සිදුවන දේ සම්බන්ධයෙන් 'නැත' (No) කීමට ඇති අයිතිය ලබා දීම ඔවුන් සවිබල ගැන්වීමක් වන බවත්, දරුවාගේ කැමැත්තට විරුද්ධව සිදුවන ඕනෑම ස්පර්ශයක් ඔවුන්ගේ හිමිකම් උල්ලංඝනය කිරීමක් හෝ අයෝග්‍ය ස්පර්ශයක් බවට පත්විය හැකි බවත් ඇය පෙන්වා දෙනවා.
තවද, නිසි ළමා ආරක්ෂණ ප්‍රතිපත්ති නිසිපරිදි ක්‍රියාත්මක නොවීම සහ ළමා අයිතිවාසිකම් පිළිබඳ වැඩිහිටියන් මෙන්ම දේශපාලනඥයන් ද දැනුවත් වීම අත්‍යවශ්‍ය බව ඇය වැඩිදුරටත් පෙන්වා දී තිබෙනවා.
ළමා හිංසනයක් දුටු තැන එසැනින්ම ශ්‍රී ලංකා ළමා උපකාරක සේවයේ පැය 24 ම විවෘත හදිසි ඇමතුම් දුරකථන අංකය 1929 අමතන්න!
ළමා උපකාරක දුරකතන සේවය යනු භාෂා ත්‍රිත්වයෙන්ම ක්‍රියාත්මක ළමා ආරක්ෂාව පිළිබඳ ඕනෑම පැමිණිල්ලක් යොමු කළ හැකි රාජ්‍ය රහස්‍ය උපකාරක දුරකතන සේවයකි.

Latest News
කොංගෝවේ පාසල් දෙකක ඇති වූ ගින්නකින් සිසුන් 24ක් මරුට
Local
11 September 2026
සිසුන් දෙදෙනාට දිවි අහිමි කළ දෙහිවල අත්බෝම්බ ප්‍රහාරය වැරදි ඉල්ලයක් නිසා සිදු වූවක්
Local
11 September 2026
යුක්රේනයේ සාප්පු සංකීර්ණයකට රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයක් - 5 දෙනෙකු මියගොස් 67කට තුවාල
Local
11 September 2026
හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ FCIDයට පැමිණෙයි
Local
11 September 2026
වසර 25කට පසු අමෙරිකානු ගුවන් තොටුපළ ආරක්ෂාව වෙනස් වෙයි
Local
11 September 2026
ඔක්තෝම්බර්, නොවැම්බර් මාසවල සැලකිය යුතු වර්ෂාපතනයක්
Local
11 September 2026
BRICS නායක සමුළුවට එක්වීමට චීන ජනපති මේ සති අන්තයේ ඉන්දියාවට
Local
11 September 2026
18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා රුසියානු ජනපති පුටින් ඉන්දියාවේ නවදිල්ලි නුවරට
Local
11 September 2026
බොරතෙල් බැරලයක මිල තවදුරටත් ඉහළ මට්ටමක
Local
11 September 2026
සැප්තැම්බර් 11 ප්‍රහාරයට අදට වසර 25ක්
Local
11 September 2026