International13 September 2026

මැදපෙරදිග යුද්ධය ගැන BRICS රටවලින් දැඩි කනස්සල්ල

මැදපෙරදිග කලාපයේ පවතින උග්‍ර යුධමය තත්ත්වය පිළිබඳව සිය 'දැඩි කනස්සල්ල' පළ කරමින්, BRICS රාජ්‍යයන්ගේ එකමුතුව විසින් ඒකමතිකව ඒකාබද්ධ ප්‍රකාශනයක් සම්මත කරගෙන තිබෙනවා.

අදාළ ප්‍රකාශනය මගින් සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටින්නේ තත්ත්වය තවදුරටත් උග්‍රවීම වැළැක්වීම සඳහා උපරිම සංයමයකින් කටයුතු කරන ලෙසයි.

මේ අතර කලාපීය ස්ථාවරත්වය තහවුරු කිරීම වෙනුවෙන් රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා සහ සංවාදයන් මගින් ගැටලු නිරාකරණය කරගැනීමේ අවශ්‍යතාවද BRICS නායකයින් මෙහිදී අවධාරණය කර තිබෙනවා.
Related recommendation
Hiru TV News | Programmes