General14 September 2026

පුෂ්පිකාගේ කිරුළ ගැලවූ නඩුවෙන් කැරොලයින් ජූරි සහ චූලා පත්මේන්ද්‍රන් නිදොස් කොට නිදහස්

2021 වසරේ ලෝක විවාහක රූ රැජින තේරීමේ තරගාවලියේදී ජයග්‍රහණය ලැබූ පුෂ්පිකා ද සිල්වාට පැලැන්දූ කිරුළ බලහත්කාරයෙන් ගලවා ඇයට තුවාල සිදුකළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් හිටපු විවාහක ලෝක රූ රැජිනක් වූ කැරොලයින් ජූරි හා මෝස්තර නිරූපන ශිල්පිනියක වන චූලා පත්මේන්ද්‍රන් යන සැකකාරියන් දෙදෙනාට එරෙහිව අධිකරණය හමුවේ පවරා තිබු නඩුවෙන් නිදොස් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම අද (14) නියෝග කළා.

සිද්ධියට අදාළ නඩුවෙහි තීන්දුව අද දින ප්‍රකාශයට පත් කරමින් මෙලෙස නියෝග ලබා දුන්නා.

තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විසින් සඳහන් කළේ විත්තිකාරියන්ට එරෙහිව පැමිණිල්ල විසින් එල්ල කර තිබෙන චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කිරීමට පැමිණිල්ල අසමත් වී ඇති බවයි

සිද්ධියට අදාළව මේ වන විට මියගොස් සිටින මෝස්තර ශිල්පිනියක වන චූලා පත්මේන්ද්‍රන් වෙනුවෙන් අධිකරණයේ ඇයගේ ඇපකාරිය පෙනී සිටියා.
Related recommendation
Hiru TV News | Programmes