General23 September 2026

නාමල් 30 දක්වා යළි රිමාන්ඩ්

ශ්‍රී ලංකන් ගුවන් සේවයට එයාර්බස් මිලදී ගැනීමේදී සිදුවූ බව කියන මූල්‍ය අක්‍රමිකතා සහ මුදල් විශුද්ධිකරණ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ලබන 30 දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසෙන අද (23) නියෝග කළා.

සිද්ධියට අදාල ඇප ඉල්ලීම සම්බන්ධ නියෝගය අද දින අධිකරණයේදී කියවා දෙනු ලැබුවා.

ඇප ඉල්ලීම සම්බන්ධයෙන් සලකා බැලීමට මීළඟ නඩු දින අධිකරණයට පහත කරුණු තුන සම්බන්ධයෙන් ලිඛිතව දේශන ඉදිරිපත් කරන ලෙස විමර්ශන නිලධාරීන්ට නියෝග කළා.

එම නියෝගයේ සඳහන්ව තිබූ පරිදි එම කරුණු තුන පහත පරිදි දක්වා තිබෙනවා.

මෙම අධිකරණයේ අදාළ විමර්ශනයට සහ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ පවතින විමර්ශනය ඒකාබද්ධ කර නඩු පැවරීමට හැකිද?, කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ පවතින නඩුවට මෙම නඩුව යොමු කළ හැකිද? සහ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය පවතින නඩුවේ හතරවන සැකකරු ලෙස මෙම සැකකරු නම් කිරීම සම්බන්ධයෙන් අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් සහතික කර තිබේද? යන්නයි.
Related recommendation
Hiru TV News | Programmes