කෑගල්ල - පින්නවල - රන්දෙනිය ප්‍රදේශයේ පිහිටි තම අවන්හලේදී බ්‍රිතාන්‍ය ජාතිකයන් දෙදෙනෙකුට පහරදීමේ චෝදනාව සම්බන්ධයෙන් එහි හිමිකරු වන එක්සත් ජාතික පක්ෂ සබරගමුව පළාත් සභා මන්ත්‍රී සංදික් සමරසිංහ අද (07) පොලිස් අත්අඩංගුවට පත්වුණා. ඒ, අදාළ විදේශිකයින් දෙදෙනා කෑගල්ල පොලිසිය වෙත ඉදිරිපත් කර තිබූ පැමිණිල්ලකට අනුවයි. රාත්‍රි ආහාරය සඳහා මෙම බ්‍රිතාන්‍ය ජාතිකයන් දෙදෙනා එම අවන්හලට පැමිණි අවස්ථාවේ ඔවුන්ට පහරදී ඇති බව සඳහන්. එක් බ්‍රිතාන්‍ය ජාතිකයෙකු කෑගල්ල රෝහලට ඇතුළත් කර තිබෙනවා.
මීට පෙරද තංගල්ල ප්‍රදේශයේ හෝටලයකදී බ්‍රිතාන්‍ය ජාතිකයෙකු ඝාතනයට ලක්වුණා. ඊට චෝදනා එල්ල වූයේද තංගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති සම්පත් චන්ද්‍රපුෂ්ප විදානපතිරණ ඇතුළු 07 දෙනෙකුටයි.
එම සිද්ධිය ගැන සොයා බැලීමට බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සයිමන් ඩන් සුක් සහ මියගිය බ්‍රිතාන්‍ය ජාතිකයාගේ සහෝදරයෙකු දිවයිනට පැමිණ සිටිනවා. ඔවුන් දෙදෙනා සහ මෙරට බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරයා අද පාර්ලිමේන්තු සංකීර්ණයේදී කතානායකවරයා මුණ ගැසුණා. ඒ, අදාළ ඝාතනය පිළිබඳ පරීක්ෂණ කඩිනම් කරන ලෙස ඉල්ලීමටයි. එම පරීක්ෂණ නිසි පරිදි ක්‍රියාත්මක බව කතානායකවරයා මෙහිදී දැනුම් දී තිබෙනවා.
Latest News
හොරණ වැඩිහිටි නිවාසයේ අධ්යක්ෂවරයා ජුනි 11 දක්වා රිමාන්ඩ්
සීදුව විජය කුමාරතුංග අනුස්මරණ රෝහලේ අක්ෂි සායනය ඩිජිටල්කරණය කෙරේ
සුරේෂ් සලේ විශේෂඥ වෛද්‍ය මණ්ඩලයකට යොමු කිරීමේ නියෝගය ලබන 10 දා
නවම්මහර දුම්රිය හරස් මාර්ගයේ වාහන ගමනාගමනය දින 3කට සීමාකරයි
"අපි බේරගත්ත අම්මා කෙනෙක් මාලයට තිබුණු ආසාවට ආයෙමත් ගින්නට දිව්වා. එයත් ඉවරයි” - බටගොඩ මාපිය සෙවණේ ගින්නේ නෑසුනු කතාවක්
කොළඹ කොටස් වෙළඳපොළ සියලු කොටස් මිල දර්ශකය ඒකක 250.79 කින් පහළට
සංස්කරණය කළ වීඩියෝවකින් එල්.ටී.ටී.ඊ. සංවිධානය ප්‍රවර්ධනය කළ අයෙක් රිමාන්ඩ්
ප්‍රදේශ රැසකට හෙටත් තද වැසි
වාද්දුවේදී ලොරියක් දුම්රියේ ගැටී ලොරි රියැදුරු රෝහලට
අවුරුදු පහට අඩු දරුවන් පස් දෙනෙකුගෙන් එක් අයෙකුට මන්දපෝෂණය