General18 May 2013

මහවැලි ගඟේ ගිලී තරුණයෙකු ජීවිතක්ෂයට.


වැලිකන්ද ප්‍රදේශයේදී, මහවැලි ගඟේ දියනෑමට ගිය තරුණයෙකු අද දහවල් මියගොස් තිබෙනවා. කටුගස්තොට ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක් සෝමවතිය චෛත්‍ය වැඳ පුදා ගැනීමෙන් අනතුරුව, වැලිකන්ද ප්‍රදේශයේදී මහවැලි ගඟේ දියනා තිබෙනවා. එහිදී, මෙම තරුණයා සහ තවත් ළමයෙකු දියේ ගසාගෙන ගොස් ඇති අතර, තරුණයාගේ මළ සිරුර ප්‍රදේශවාසීන් විසින් පසුව, සොයා ගෙන තිබෙනවා. අතුරුදන්ව ඇති ළමයා සෙවීමට මේ වනවිට වැලිකන්ද පොලිසිය සහ ප්‍රදේශවාසීන් කටයුතු කරන බව එහි සිටින අප වාර්තාකරු සඳහන් කළා.

Related recommendation
Hiru TV News | Programmes