General19 June 2013

සෙල්ලම් පිස්තෝලයක් සොරකම් කළ දරුවා යළි පරිවාසය



ප්ලාස්ටික් සෙල්ලම් පිස්තෝලයක් පැහැර ගත් බවට අධිකරණය හමුවේ වරද පිළිගෙන පරිවාස භාරයේ සිටින 10 හැවිරිදි පිරිමි දරුවෙකු තවදුරටත් පරිවාසභාරයේ තැබීමට අධිකරණය අද නියෝග කළා. තඹුත්තේගම මහේස්ත්‍රාත් පරිවාස නිලධාරින්ට නියෝග කළේ මෙම දරුවා ජූලි මස 2 වැනිදා දක්වා පරිවාසභාරයේ තබා ගන්නා ලෙසටයි. එදිනට දරුවා සම්බන්ධයෙන් සවිස්තර පරිවාස වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ද මහේස්ත්‍රාත්වරයා නියෝග කළා. මෙම නඩුව නොච්චියාගම සංචාරක මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අද කැඳවූ අවස්ථාවේදී පරිවාස නිලධාරිනිය කියා සිටියේ මෙම දරවාගේ මව සිගමන් යදින තැනැත්තියක් බවයි. මීට පෙර දරුවා මෙම කාන්තාව භාරයේ සිටියදී ඇතැම් අවස්ථාවල දරුවා ද සිඟමන් යැදීම සඳහා රැගෙන ගොස් ඇති බවට වාර්තා වන බව පරිවාස නිලධාරිනිය අධිකරණය හමුවේ ප්‍රකාශ කළා.

Related recommendation
Hiru TV News | Programmes