General07 October 2013

යාපනයේ හැළ කිඹුල් ගහණයක්.



වසර එකසිය පණහකට පමණ පසු යාපනයෙන් හැළ කිඹුල් ගහණයක් සොයාගැනීමට හැකිවී තිබෙනවා. ලෝක කිඹුල් විශේෂඥ කමිටුව විසින් සිදුකළ සමීක්ෂණයකට අනුව පේදුරුතුඩුව කැලෑබද ප්‍රදේශයකිනුයි මෙම හැළ කිඹුලන් සොයාගෙන ඇත්තේ. කිඹුලන් 50 - 60 ත් අතර ප්‍රමාණයක් එහි සිට ඇති අතර යුද හමුදාවේ සහය ඇතිව මොවුන් සංරක්ෂණය කිරීමට පියවර ගන්නා බවයි ලෝක කිඹුල් විශේෂඥ කමිටුවේ දකුණු ආසියානු කලාපය භාර සභාපති ඇනස්ලම් ද සිල්වා හිරු ප්‍රවෘත්ති අංශයට ප්‍රකාශ කළේ.
මේ අතර මෙම මාසයේ සිට දීපව්‍යාප්ත කිඹුල් සංගණනයක්ද සිදුකිරීමට ලෝක කිඹුල් විශේෂඥ කමිටුව තීරණය කර තිබෙනවා. මෙම කිඹුල් සංගණනය උඩවලව ජාතික වනෝද්‍යානයෙන් ආරම්භ කරන බවයි එම කමිටුවේ දකුණු ආසියානු කලාපය භාර සභාපතිවරයා කියා සිටියේ.

Related recommendation
Hiru TV News | Programmes